Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th May 2020 19:24:53 Hours

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජනාධිපති කාර්ය සාධක බලකායේ කාර්යභාර්ය ප්‍රවර්ධනය කරයි

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පිහිටි ජනාධිපති කාර්ය සාධක බලකාය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති මෙන්ම ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සිකුරාදා (15) දින රාජගිරියේ පිහිටි එම මධ්‍යස්ථානයේදී ආරම්භ විය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සහ මෙම අවස්ථාවට සහභාගී වූ ආරාධිතයින් පිළිගත් අතර මෙම සකච්ඡාව පැවැත්වීමේ අරමුණ කොවිඩ් -19 වෛරසයේ වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා බව පැවසීය. PCR පරීක්‍ෂණ සිදුකිරීම, විදේශිකයින්ගේ පැමිණීම සහ සමාජයේ මහජනතාවගේ යහපැවැත්ම මෙන්ම සියලු පාර්ශවකරුවන් විසින් තවමත් ක්‍රියාත්මක කරනු ලබන සෞඛ්‍ය උපදෙස් ඇතුළු වත්මන් තත්ත්වය පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි විස්තර කළේය.

ඉදිරි දිනවලදී බෙලරුස් සහ රුසියාවේ සිටින සිසුන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සහ වෛරසය වැළැක්වීම පාලනය කිරීම සඳහා දියත් කරන වෙනත් ක්‍රියාමාර්ග පිළිබඳව ද රැස්ව සිටි පිරිසට දැනුම් දෙන ලදී. ඉන් අනතුරුව, කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී සමඟ ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂඥයින් විවිධ ප්‍රදේශවල වෛරසය ව්‍යාප්ත වූ ආකාරය පිළිබඳව අදහස් හුවමාරු කරගත්හ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති මෙන්ම කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙම සුහද සාකච්ඡාව අවසානයේ ජනාධිපති කාර්යසාධක බලකායේ සාමාජිකයින්ගේ වටිනා අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම පිළිබඳව සිය ස්තූතිය පුද කළේය. එසේම, ක්‍රියාකාරී කණ්ඩායම් අතර දැනටමත් විධිමත් කර ඇති ක්‍රියාකාරී සැලසුම් වලට සරිලන පරිදි කාලීනව වෙනස්කම් සිදුකරන ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් එම සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේය. Nike Sneakers | Nike