Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th May 2020 18:15:08 Hours

යාපනය කන්කසන්තුරේ ප්‍රදේශය ආශ්‍රිතව සිදු කෙරෙන උපයෝගිතා ප්‍රජා ව්‍යාපෘතින් වෙනුවෙන් ‘සමඟි මධ්‍යස්ථානය’ විවෘත කරයි

යාපනය අර්ධද්වීපයේ දිගු කාලයක් පුරාවට පවතින සාමය, සංහිඳියාව, සහයෝගීතාවය සහ ප්‍රජාවගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සිවිල් - හමුදා සහයෝගීතාව නව මානයකට ගෙන එන බහු පාර්ශ්වික යාන්ත්‍රණ සංකල්පමය මත යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය ඉකුත් සඳුදා (11) දින යාපනය කන්කසන්තුරේ ප්‍රදේශයේ උපයෝගිතා ව්‍යාපෘති පැවැත්වීම සඳහා ‘සමඟි මධ්‍යස්ථානයක්’ ආරම්භ කරනු ලැබීය.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ යෝජනාවකට අනුව වාස්තු විද්‍යාත්මකව ප්‍රතිසංස්කරණය කරන ලද ගොඩනැගිල්ලක පිහිටා ඇති ‘සමඟි මධ්‍යස්ථානය’ තුළ ප්‍රජාව හා සම්බන්ධ ප්‍රතිසන්ධානය සහ ප්‍රජා මූලික ව්‍යාපෘති රාශියක් ආරම්භ කිරීමට නියමිත අතර, අර්ධද්වීපයේ වෙසෙන තරුණ තරුණියන් ඇතුළු මහජනයා වෙනුවෙන් සෞඛ්‍ය, අධ්‍යාපනික, සන්නිවේදන සහ තොරතුරු, ඉදිකිරීම්, කාන්තාවන් සහ ළමුන් සවිබල ගැන්වීම, සංස්කෘතික හා ආගමික කටයුතු, කෘෂිකාර්මික හා ජීවනෝපාය, ආපදා අවම කිරීම, ක්‍රීඩා හා විනෝදාස්වාදය සහ වෘත්තීය පුහුණු ව්‍යාපෘතීන් එහිදී සිදුකිරීමට නියමිතව ඇත.

මෙම නව මධ්‍යස්ථානය තුළින් දිගු කාලීනව ක්‍රියාත්මක කිරීමට නියමිත සංස්කෘතික නැටුම්, ජන සංගීතය, අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය, සෞඛ්‍යය හා යහපැවැත්ම සහ දුක්ගැනවිලි විසඳීම (ඔම්බුඩ්ස්මන්) ආදී පහසුකම් සපයා ඇත. පසුකාලීනව, භටපිරිස්හී මිත්‍රත්වයේ හස්තයක් ලෙස ක්‍රීඩා සංවර්ධනය, රූපලාවණ්‍ය, සංස්කෘතික අංගයන්, සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානය වැනි තවත් බොහෝ දේ ස්ථාපිත කිරිමට අපේක්‍ෂා කරයි. මෙහිදි පැවති චාම් උත්සවයකදි ගෘහ නිර්මාණ ශිල්පියා විසින් පීත්ත පටිය කපා සමරුඵලකය නිරාවරණය කර නව මධ්‍යස්ථානය විවෘත කරන ලදී.

515 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ මෙම ආයතනයේ ඉදිකිරීම් කටයුතු 10 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සහ 05 වන ඉංජිනේරු සේවා බලකායේ යුද්ධ හමුදා සාමාජිකයන් විසින් සිදු කර අවසන් කරන ලදී. මෙම නව ගොඩනැගිල්ල ඉදිකිරිම සඳහා අවශ්‍ය මූල්‍යමය දායකත්වය යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සපයනු ලැබීය.

මෙම ගොඩනැගිල්ලේ විවෘත කිරිමේ උත්සව අවස්ථාවට යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් ඇතුළු 51, 52 සහ 55 සේනාංකවල සේනාංකාධිපතිවරුන්, ඉදිරි නඩත්තු පෙදෙස (උතුර) ආඥාපති, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පාලන හා භටකාර්ය සම්පාදන නිලධාරී, 515 වන බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් සහභාගී වූහ. bridge media | Patike