Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th May 2020 18:20:31 Hours

නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ තවත් පිරිසක් සිය නිවෙස් කරා පිටත් වෙති

යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ පුද්ගලයින් 75 ක්, කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ 62ක්, විඩත්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානයේ 298 ක්, අයියකච්චි නිරෝධායන මධ්‍යස්ථානයේ 80 ක්, දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ 05 ක්, හොටෙල් ඩොල්ෆින් නිරෝධායන මධ්‍යස්ථානයේ 01 මෙන්ම නාවික හමුදාව විසින් මෙහෙයවනු ලබන නිපූන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 12 ක් ඇතුළු පුද්ගලයින් 533 දෙනෙකු PCR පරික්‍ෂණ පැවැත්වීමෙන් අනතුරුව නිරෝධායන සහතික ලබා සිය නිවෙස් කරා පිටත් කර යැවූ අද (09) දින කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

ඒ අනුව, අද (09) දිනය වන විට, ත්‍රිවිධ හමුදාව විසින් කළමණාකරනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ පුද්ගලයින් 6299 දෙනෙකු සිය නිවෙස් කරා පිටව ගොස් ඇත. මේ වන විට ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන දිවයින පුරා පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන 39 ක් තුළ පුද්ගලයින් 4428 ක් නිරෝධායන කටයුතු වල නිරතව සිටිති.

අද (9) දිනය වන විට නාවික හමුදාවේ වීරෝධාර රණවිරුවන් 409 දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර ඉන් වැඩි පිරිසකට කඳවුර තුලදී මෙම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. මාධ්‍ය නිවේදනය අවසන්.

සාරාංශය:

මේ දක්වා නිරෝධායනය කරන ලද සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව - 6299

තවමත් නිරෝධායන ක්‍රියාවලියෙහි නිරතව සිටින පුද්ගලයින් සංඛ්‍යාව - 4428

ක්‍රියාත්මක වෙමින් පවතින නිරෝධායන මධ්‍යස්ථාන සංඛ්‍යාව - 39 Nike sneakers | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf