Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th April 2020 18:28:15 Hours

යුද්ධ හමුදා සාමාජිකයන් ජයවර්ධනපුර නවතමයෙන් අස්වැද්දු වෙල්යායේ වී අස්වනු නෙලයි

කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ‘තුරු මිතුරු-නව රටක්’ සංකල්පය යටතේ ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානය අසල මඩ වගුරු සහිත අක්කර 12 ක භූමි ප්‍රමාණයක් නවතමයෙන් අස්වද්දවා තැනු වෙල්යායේ අස්වනු නෙලීම අද (30) දින උදෑසන සමාජ දුරස්ථභාවය හා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව සිදු කරනු ලැබීය.

අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට රුකුලක් වෙමින් අත්වැල් බැදගත් යුද්ධ හමුදා සාමාජිකයන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කල අතර, එහි ප්‍රතිපලයක් ලෙස අස්වැද්දු කෙත් යායේ ‘රන් අස්වැනු නෙලිමේ මංගල්‍ය’ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂඨ නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් සහභාගී වූහ.  

ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ කිලෝමීටර් 1.7 ක දුරක් ආවරණය වන පරිදි නව හමුදා මූලස්ථානය හරහා දිවෙන මාර්ගයේ දෙපස අරලියා පැළ 170 ක් සිටුවීම ආරම්භ කරමින් 2019 දෙසැම්බර් මස 30 වන දින ‘තුරු මිතුරු-නව රටක්’ ව්‍යාපෘතිය ආරම්භ විය. ව්‍යාපෘතියේ දෙවන අදියර 2020 ජනවාරි මස 14 වන දින ආරම්භ වූයේ අක්කර 12 ක මෙම වෙල්යායේ සීසැමේ මංගල්‍ය සිදු කර වී වැපිරීමෙන් සහ මී, කොබෝනීල සහ කරඳ පැළ 140 ක් මාර්ගයේ රෝපණය කිරීමෙනි. මෙම වෙල්යායේ යන්ත්‍රෝපකරණ ආධාරයෙන් භට පිරිස් විසින් ජලය එකතු කරන ඇළ මාර්ගයක් සකස් කර කාලයට ගැලපෙන පරිදි දුර්ලභ බීජී වර්ගයක් වන 252 රතු සම්බා 2020 ජනවාරි 24 වන දින, තවන් කළේය. මෙම වැඩසටහනේ තෙවන අදියර යටතේ ස්ථාන හතරක මහජනතාවගේ සෞඛ්‍ය යහපත් තත්ත්වයේ පවත්වගෙන යාම සඳහා ශාරීරික යෝග්‍යතා සිදු කිරිම සඳහා උපාංග කිහිපයක් ස්ථාපනය කිරීම, පොල් බීජ පැල 100 ක් සිටුවීම, මත්ස්‍යයින් 20,000 ක් යුද හමුදාව විසින් ප්‍රතිශස්කරණය කළ ජලාශයට මුදා හැරීම සහ සමස්ත වටපිටාව අලංකාර කිරීම සිදු කරන ලදී.

මෙම වෙල්යායේ වී බීජ වැපිරු යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසකගේ සුරතින් දවසේ ‘රන් අස්වනු නෙලීමේ මංගලය’ ආරම්භ කළේය. අදියර තුනක් යටතේ දියත් කරන ලද මෙම ව්‍යාපෘතිය යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර ගේ සමීප අධික්‍ෂණය යටතේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාවේ සහ යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් ශාඛව යටතේ ඇති 5 සහ 6 වන ශ්‍රි ලංකා පොදුසේවා බලකා යුද්ධ හමුදා සාමාජිකයන් විසින් ක්‍රියාවට නංවා තිබුණි.

අස්වැන්න නෙළීමේ ව්‍යාපෘතිය සඳහා දායකත්වය ලබාදුන් යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් මයිකල් වන්නිආරච්ච් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එම ස්ථානයට පැමිණ සිටියහ. Best jordan Sneakers | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ