Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th April 2020 14:17:57 Hours

ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් නවතම වර්ධනයන් හා උපාය මාර්ග පිළිබඳ සාකච්ඡා කරයි

කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ (NOCPCO) ජනාධිපති කාර්ය සාධක බලකායේ තවත් සැසියක්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති මෙන්ම කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (23) දින රාජගිරියේ පිහිටි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ (NOCPCO) දී පැවැත්විණි.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සහ මෙම අවස්ථාවට සහභාගී වූ සියලුම අමුත්තන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ඉතා සාදරයෙන් පිළිගත් අතර. මෙම වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීමේ උපාය මාර්ග මත පදනම්ව ක්‍රියාකාරී සැලැස්ම පිළිබද නැවත මතක්කර දෙමින් වෛරසයේ වත්මන් තත්ත්වය සහ වැළැක්වීමේ ක්‍රියාවලියේ සිදුවන වර්ධනයන් පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් විස්තර කළේය. සමාජයේ ආසාදිත පුද්ගලයින් සොයා ගැනීම මේ වනවිට අප සැමට ඇති ප්‍රධානතම අභියෝගයක් බව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එහිදී වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

ආචාර්ය උදය ඉන්ද්‍රරත්න මහතා දැනට පවත්නා උපායමාර්ගයන් පිළිබඳව ඉදිරිපත් කිරීමක් මගින් පෙන්වාදුන් අතර වෙනස්වන අවස්ථාවන්ට අනුව කළ යුතු උපායමාර්ගික වෙනස්කම් ද පෙන්වා දුන්නේය. එමෙන්ම, ආචාර්ය අනුරුද්ධ පාදෙණිය සිය ඉදිරිපත් කිරීමේ දී පිටවීමේ උපායමාර්ගය නැවත සලකා බැලූ අතර තවත් කරුණු කිහිපයක් අවධානයට යොමු කළේය. කෙටුම්පත් කරන ලද පිටවීමේ උපායමාර්ගය සහ ඉදිරි කටයුතු, සක්‍රිය ලිහිල් කිරීමේ ක්‍රියාවලිය ඵලදායී හා කාර්යක්ෂම ද යන්න තක්සේරු කරන අතරම කලාපීය පදනම මත තොරතුරු ලබාගැනීමට එහිදී අවශ්‍ය විය. යෝජිත පිටවීමේ උපාය මාර්ගයට අනෙකුත් අංශවල දායකත්වය හා එකඟතාවයේ වැදගත්කම සෞඛ්‍ය අංශය විසින් සකස් කර ඇති බැවින් අනෙකුත් අංශ සමඟ ද සාකච්ඡා කළ යුතු බව ඔහු මෙම සාකච්ඡාවේදී පැවසීය.

ඉදිරිපත් කිරීමේහි අවසානයෙන් පසු කාර්ය සාධක බලකායේ ප්‍රධානියා සාකච්ඡාව සඳහා අවස්ථාව උදා කළ අතර, එහිදී පහත සඳහන් ඉතා වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කෙරිණි.

ඒ. පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන්නන්ගේ හැසිරීම විධිමත්කළ යුතුය. වෛරසය පැතිරයන කලාපවල පොදු ප්‍රවාහනය නතර කරන ලෙසත්, පුද්ගලික ප්‍රවාහනය කළ යුතු බවත් යෝජනා විය.

බී. දේශපාලන නායකයින් සහ වෘත්තිකයන් විසින් මහජනතාව වෙත ඉදිරිපත් කරනු ලබන අදහස් හා තොරතුරු විධිමත්ව ඉදිරිපත් කිරීමේ වැදගත්කම.

සී. දිස්ත්‍රික් සීමා තරණය පිළිබඳ ජාතික මග පෙන්වීම සඳහා කෙටුම්පත් කිරීම (දිස්ත්‍රික්කයට අවධානය වෙනතකට යොමු කිරීම).

ඩි. ඇඳිරි නීතිය ලිහිල් කරන අවස්ථාවල සෞඛ්‍ය උපදෙස් උල්ලංඝණය වීම වැළැක්වීමට අදාළ නීති රීති ගැසට් කිරීමේ ඇති අවශ්‍යතාවය. මෙම නීති රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට ආරක්ෂක හමුදාවන්ට සහ පොලිසියට බලය තිබිය යුතුය.

ඊ. කොවිඩ්-19 වෛරසය පිළිබඳ විශේෂයෙන් කැප වූ වෙබ් අඩවියක් දියත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය මේ සඳහා දැනටමත් දියත් කර ඇති අතර පාඨකයන්ගේ අදහස් සඳහා දිරිගන්වන යෙදවුම් ලැබෙමින් පවතී.

එෆ්. ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය සහ ජනතාවගේ වගකීම (ඉටු කළ යුතු කාර්යභාරය) පිළිබඳ ප්‍රතිපෝෂණ ලබා ගැනීම සඳහා යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා විය.

උ. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිරවී සිටින සහ කොළඹින් පිටත පිහිටි අදාළ නගර වෙත ආපසු යාමට කැමති පුද්ගලයින් පිළිබඳව අවධානයට යොමු වූ අතර, පහත සඳහන් පදනම මත ඔවුන් ආපසු යෑවිමට එකගතාවය පලකරන ලදී.

1. රෝග ලක්ෂණ නොමැති බව.

2. අවම වශයෙන් සති දෙකක් හුදකලා වී සිටිම.

3. නිවසට පැමිණි පසු ස්වයං නිරෝධායනය කළ යුතු බව.

එච්. රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශයේ වැඩ ආරම්භ කිරීමේදී සේවකයන්ට ප්‍රමුඛතාවයක් ලබාදෙමින් වඩාත්ම අවශ්‍ය රාජ්‍ය සේවකයින් සහ පෞද්ගලික අංශයේ පුද්ගලයින් ගෙන්වා ගැනිමට ආයතනික ප්‍රවාහන පහසුකම් ආරම්භ කරන ලෙස ආයතනික ප්‍රධානීන් දැනුවත් කළ යුතුය.

අයි. වසංගතයට තර්ජනයක් නොවී ප්‍රදේශවල පවතින ඇදිරි නීතිය ලිහිල් කිරීමේ ක්‍රියාවලිය දිගටම කරගෙන යාමට එකඟ විය. (විශේෂයෙන් දිස්ත්‍රික් පදනමින් ඇඳිරි නීතිය ලිහිල් කිරීම).

මෙම සාකච්ඡාව අවසානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපත මෙන්ම කොවිඩ්-19 පැතීරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ඔවුන්ගේ වටිනා අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම පිළිබඳව සිය ස්තූතිය පුද කළේය. එසේම, ක්‍රියාකාරී කණ්ඩායම් අතර දැනටමත් පවත්නා ක්‍රියාකාරී සැලසුම් වලට සරිලන පරිදි සාකච්ඡාව කාලෝචිත වෙනස් කිරීම් කරන ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේය. jordan Sneakers | THE SNEAKER BULLETIN