Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th April 2020 22:09:04 Hours

තව දුරටත් වෛරසය සම්ප්‍රේෂණය වීම අවම කිරිම සඳහා තාරාවීකුලම් ග්‍රාමය අද (09) දින සිට හුදකලා ගම්මානයක් බවට පත් කරන බවට කොවිඩ් - 19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී පවසයි

කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (09) දින පස්වරුවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවට කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ද සහභාගී වූහ.

“ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන අතුරින් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 37 දෙනෙකු දින 28 ක පමණ නිරෝධාන ක්‍රියාවලියෙන් අනතුරුව අද (09) දින වෛද්‍ය උපදෙස් සහ නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව තම නිවෙස් වෙත පිටව ගියා. මන්ද, ඔවුන් සමඟ ගොඩනැගිල්ලක සිටි පුද්ගලයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඔවුන් දෙවතාවක් PCR TEST සිදුකර කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු කරගැනීමෙන් පසු අද දින මෙලෙස තම නිවෙස් බලා පිටත් කර යවනු ලැබුවා. අද වනවිට ත්‍රිවිධ හමුදාවන් යටතේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධානය වී පුද්ගලයින් 3459 දෙනෙකු නිවස් බලා පිටත්ව ගොස් ඇත. ඒ අනුව, දැනට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 1311 දෙනෙකු තවදුරටත් නිරෝධායන ක්‍රියාවලියේ යොදවමින් සිටින බව.” අද දින පැවති මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර ලදී.

“එලෙසම කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් දෙදෙනෙකු රත්නපුර නගරයෙන් හමුවීමත් සමඟ ඔවුන් සමීපව ඇසුරු කළ එම ප්‍රදේශයේ පවුල් 23 ක පුද්ගලයින් 67 දෙනෙකු ඊයේ (08) දින සනධ්‍යාවේ දියතලාව, කහගොල්ල නිරෝධාන මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබුවා. එසේම, ඉන්දියාවේ සිට පසුගියදා මෙරටට පැමිණි අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වීමත් සමඟ ඔවුන්ගේ ඥාතීන් 16 දෙනෙකු ඊයේ (08) දින රාත්‍රියේ පූනානි නිරෝධාන මධ්‍යස්ථානය වෙත යොමු කලා. තවද අටළුවගම සහ අකුරණ ග්‍රාමය තවදුරටත් හුදකලා නගරයන් බවට පත්කර තිබෙන අතර මීට දින දෙකකට පෙර පුත්තලම ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරවීමත් සමඟම එම පුද්ගලයා පසුගිය 18 වන දින තාරාවීකුලම් ගම්මානයේ අවමංගල උත්සවයකට සහභාගී වී එම ගම්මානයේ පුද්ගලයින් විශාල ප්‍රමාණයක් ඇසුරු කර නිවාස කිහිපයකටත් ගොස් ඇති බැව් පරික්‍ෂණවලින් අනාවරණය වී තිබෙනවා. එම ගම්මානයේ පවුල් 900 ක් අධික සංඛ්‍යාවක සාමාජිකයින් 4600 කට අධික ප්‍රමාණයක් ජිවත් වන අතර ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට අපහසු බැවින් මන්නාරම ප්‍රදේශයේ තාරාවීකුලම් ග්‍රාමය අද (09) දින හුදකලා ගම්මානයක් බවට පත් කරන ලදී.

“මේ දිනවල, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්ව මහල් නිවාස සංකීර්ණයන්හී ජිවත්වන ජනතාවගේ මානසික මට්ටම උසස් තත්ත්වයක පවත්වාගෙනයාමේ අරමුණින් සංගීත ප්‍රසංග පවත්වනු ලබයි. ඒ අනුව, ඊයේ (08) දිනයේ යුද්ධ හමුදාව විසින් මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිටත්, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය විසින් තවත් ස්ථාන තුනකත් මෙවැනි සංගීත ප්‍රසංග පවත්වන ලදී. එසේම, අද (09) දින සවස 06.30 ට රාජගිරිය Fair Mount Oasis නිවාස සංකීර්ණයේදී යුද්ධ හමුදා සංගීත කණ්ඩායම සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතව ඇති අතර නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය විසින් තවත් ස්ථාන තුනකත් මෙවැනි සංගීත ප්‍රසංග පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇති බව.” ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය. short url link | Women's Designer Sneakers - Luxury Shopping