Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th April 2020 19:58:27 Hours

යුද්ධ හමුදා භට පිරිස් විසින් කොවිඩ් - 19 වෛරසය ආසාදිත පුද්ගලයින් සඳහා නව හුදකලා රෝහලක් ඉතා කෙටි කාලයක් තුළ වැඩි දියුණු කරයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි 1 වන ඉංජිනේරු සේවා බලකායේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉතා කෙටි කාලයක් තුළ මීගමුව ඉරනවිල ප්‍රදේශයේ පිහිටි ‘වොයිස් ඔෆ් ඇමරිකා’ ගොඩනැගිලි සංකීර්ණය කොවිඩ් - 19 රෝගය සඳහා ප්‍රතිකාර කරනු ලබන රෝහලක් ලෙසට නවීකරණය කර අද (7) දින සන්ධ්‍යාවේ රාජ්‍ය බලධාරීන් වෙත භාරදෙනු ලැබීය.

මෙහි සමාරම්භක උත්සව අවස්ථාව සඳහා සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය දේශපාලඥයින් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

ඇඳන් 40 කින් සමන්විත කොවිඩ් - 19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වැඩිදියුණු කරන ලද මෙම හුදකලා රෝහලේ සේවය කරන වෛද්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සඳහා රොබෝ තාක්ෂණය හා ස්යංක්‍රිය නියමුවන් රහිත වාහන සමඟින් වෛද්‍යවරුන් 14 දෙනෙකු සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 20 දෙනෙකුගෙන් සමන්විත වන අතර නිරෝධායන ක්‍රියාවලියේදී රෝගීන් වෙන් වෙන් වශයෙන් කාමර තුළ සීමා කළ අංගයන්ගෙන් යුක්ත වූවකි.

හේමාස් පුද්ගලික සමාගම සහ ඇට්ලස් සමාගමේ අනුග්‍රහය ඇතිව රොබෝවරු සහ විශේෂ සන්නිවේදන පද්ධතියක් හරහා නවීන තාක්ෂණික උපකරණ මගින් රෝගීන්ට ඖෂධ සහ ආහාර පාන ලබා දීමට සහ රොබෝ කැමරා මගින් රෝගීන් සමඟ වෛද්‍යවරුන්ට සන්නිවේදනය කිරීමට හැකියාව ද ඇත. තවද රෝගීන් සඳහා වායු සමීකරණ පද්ධතිය නියාමනය කිරීම සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ රෝගීන් අතර පුද්ගලික සම්බන්ධතා සහ ආසාදන වළක්වා ගැනීමට මෙම රොබෝ තක්‍ෂණය උපකාරී වේ.

කොවිඩ් - 19 වෛරසයට එරෙහි සටනේදී අනෙකුත් නායකයින්ගේ සහාය ඇතිව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පීත්ත පටියක් කපා නව හුදකලා රෝහල විවෘත කරනු ලැබු අතර අනතුරුව එතුමිය සම්භාවනීය අමුත්තන් සමගින් එම රෝහල් පරීශ්‍රය තුළ නිරීක්‍ෂණ සංචාරයක නියලුනහ.

මෙම නව රෝහල 1 වන ඉංජිනේරු සේවා බලකා අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ආසිරි මුහන්දිරම්ගේ සමීප අධීක්ෂණය යටතේ එම ඒකකයේ යුද්ධ හමුදා සාමාජිකයන් විසින් සති දෙකකට නොවැඩි කාලසීමාවක් තුළ එම හදිසි අවශ්‍යතාවයට සරිලන පරිදි සමස්ත ගොඩනැගිලි සංකීර්ණය වැඩිදියුණු කර සකස් කිරීමේ කාර්යය සම්පූර්ණ කළහ. මෙම රෝහල් සංකීර්ණය සනීපාරක්ෂක හා ඉවුම් පිහුම් පහසුකම්, විවේකාගාර, මුළුතැන්ගෙයි පහසුකම් සහ ආරක්ෂක පද්ධතියකින් ද සමන්විත වේ.

මීට දින කිහිපයකට පෙර මාර්තු මස 26 වන දින ගරු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු එම ස්ථානයට පැමිණ මෙම ස්ථානයේ නව හුදකලා රෝහලක් ස්ථාපිත කිරීමට සුදුසු බව තීරණය කොට ඊට සැලසුම් සකස් කලෝය.

එදිනට නියමිත වැඩටසටහන අවසානයේ ගරු සෞඛ්‍ය අමාත්‍යවරිය සහ ලුතිනන් ජෙනරාල් සිල්වා මෙම කාර්යයට උරදුන් සියළු භට පිරිස් හී උත්සහය පැසසුමට ලක් කළ අතර මෙතරම් කෙටි කාලයක් තුළ මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා දිවා රෑ වෙහෙස මහන්සි වී වැඩ කළ සැමට කෘතඥ තාවය ද පළ කළහ.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා සහ පොලිස් නිලධාරීන්, පළාත් සභා සහ නගර සභා බලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. Running Sneakers Store | adidas NMD Human Race