Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st March 2020 14:32:58 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමෙින්තුවේ භටපිරිස් මුල්ලේරියාව රෝහලේ පිහිටි දැඩිසත්කාර ඒකකයේ වෛද්‍ය වායු පද්ධතියක් ස්ථාපනය කිරීමට සිය දායකත්වය සපයයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත කරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ආරක්‍ෂක මාණෟඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් සඳුදා (30) දින මුල්ලේරියාව රෝහලේ පිහිටි දැඩිසත්කාර ඒකකයේ වෛද්‍ය වායු පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා සිය දායකත්වය දැක්වූහ.

රෝහලේ දැඩිසත්කාර ඒකකයේ මෙම වායු පද්ධතිය ස්ථාපනය කිරීමෙන් සහ හදිසි අවස්ථාවලදී භාවිතා කළ හැකි ඇඳන් 24 ක් රෝහල වෙත ලැබීමෙන් අනතුරුව රෝහලේ දෛනික ක්‍රියාකාරිත්වය කාර්යක්‍ෂමව සිදු වන බව රෝහලේ වෛද්‍ය බලධාරින් පවසයි.

විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඉන්දු සමරකෝණ් විසින් මෙම ව්‍යාපෘතිය සමීපව අධීක්‍ෂණය කළේය. short url link | Air Max