Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd January 2020 11:01:04 Hours

බ්‍රිගේඩියර් නිලයට උසස්වීම් ලද විශේෂ බලකා නිලධාරි හට යුද්ධ හමුදාධිපතිතුමා විසින් නිල ලාංඡන පළඳවයි

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදා විශේෂ බලකා රෙජිමේන්තු අධිපති වශයෙන් අද (3) දින පස්වරුවේ විශේෂ බළකා මූලස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක වන උසස්වීම් ලද බ්‍රිගේඩියර් නිශ්ශංක ඊරියගම ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදාධිපති කාර්යාලයට ආරාධනා කිරීමෙන් අනතුරුව ඔහුගේ නිල ලාංඡන පැළවිය.

මේ අයුරින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සෘජුවම නිල ලාංඡනය පැළඳීමේ දුර්ලභ වරප්‍රසාදය ලද නිලධාරීන් කිහිපදෙනාට අතර බ්‍රිගේඩියර් නිශ්ෂංක ඊරියගම ද ඇතුලත් විය.

මෙම සුහද හමුව අතරතුර, නව උසස්වීම් ලද නිලධාරිතුමන්ට යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් සුභපැතුම් එක් කල අතර මාතලේ නාවුල ප්‍රදේශයේ පිහිටි විශේෂ බළකා මූලස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස එතුමන්ගේ කැපවීම ඉදිරියටත් පවත්වා ගෙන යන ලෙස එතුමන්ගෙන් ඉල්ලා සිටියේය. Nike air jordan Sneakers | Nike