Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th October 2019 16:42:59 Hours

ත්‍රිවිධ හමුදා සහ පොලිස් භාෂා පුහුණු පාසලට වසර 33 ක් සපිරේ

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ කොත්මලේ ප්‍රදේශයේ ස්ථානගතව යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ඒකාබද්ධ සේවා භාෂා පුහුණු පාසලේ (JSLTS) 33 වන සංවත්සරය ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් විශේෂ වැඩසටහන් මාලාවක් සමගින් උත්කර්ෂවත් ලෙස පවත්වනු ලැබීය.

ඔක්තෝබර් මස 6 දිනට යෙදී තිබු සංවත්සර දින පැවති උත්සව අවස්ථාව සඳහා සපැමිණි ඒකාබද්ධ සේවා භාෂා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් දීපාල් පුස්ඇල්ල ප්‍රධාන දොරටුව අභීයසදී එම පුහුණු පාසලේ නියෝජ්‍ය සේනාවිධායක කර්නල් එරික් කුරුකුලසූරිය විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව භට පිරිස් ඇමතූ සේනාවිධායකතුමන් විසින් ආචාර්ය චනුරි අප්සරා මිය විසින් රචනා කරන ලද විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්‍ෂ සුනිල් නවරත්න විසින් සංගීත අධ්‍යක්‍ෂණය කරන ලද ඒකාබද්ධ සේවා භාෂා පුහුණු පාසලේ තේමා ගීතය ප්‍රථම වරට එළිදක්වන ලදී.

‘උගෙන බස - රකිමු දෙස’ ආදර්ශ පාඨය තේමා කරගනිමින් ඒකාබද්ධ සේවා භාෂා පුහුණු පාසල වර්ෂ 1986 දී ආරම්භ කරන ලද අතර එතැන් සිට මේ දක්වා ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින් 9152 කට වැඩි ප්‍රමාණයකට දෙමළ භාෂාව පුහුණු කර ඇත. තවද දෙමළ භාෂා නිල උපදේශකවරුන් 7 දෙනෙකු සහ තවත් සෙසුනිළ උපදේශකයින් 92 ක් බිහි කර තිබේ. එසේම, ඒකාබද්ධ සේවා භාෂා පුහුණු පාසල විසින් ත්‍රිවිධ හමුදා, පොලිස්, විශේෂ කාර්ය බලකා සාමාජිකයින් සඳහා ඉංග්‍රිසි සහ ප්‍රංශ භාෂා පාඨමාලා ආරම්භ කර ඇත. නුදුරු අනාගතයේ දී හින්දි, අරාබි සහ චීන භාෂා පාඨමාලා ආරම්භ කිරීමට ද අපේක්ෂා කරයි.

මෙම සංවත්සර උත්සවය එදින රාත්‍රීයේ පැවති භෝජන සංග්‍රහයෙන් අනතුරුව නිමාවට පත්විය. Running sports | jordan Release Dates