Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th October 2019 17:42:59 Hours

යුද්ධ හමුදා දිනයේදී රාගම ‘රණවිරු සෙවනෙහි’ නේවාසික රණවිරුවන් යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ සුහඳ පිළිසඳරක නිරත වෙයි

ගාලු මුවදොර පිටියේ පැවති 70 වන යුද්ධ හමුදා සංවත්සර උත්සවයේ ප්‍රධාන අංගය අවසන් වී පැයකට පමණ පසුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රාගම රණවිරු සෙවනෙහි ආබාධිතව සුවය ලබන රණවිරුවන් සහ ජීවිතාන්තය දක්වාම ප්‍රතිකාර ලබන රණවිරුවන් 93 දෙනෙකු සමඟ සුහඳ පිළිසඳරක නිරත වීම සඳහා වැඩි ප්‍රමුඛතාවයක් ලබා දී තිබිණි.

යුද්ධ හමුදාධිපතිතුමන් රාගම ‘රණවිරු සෙවන’ පරිශ්‍රයට සම්ප්‍රාප්ත වන අවස්ථාවේදී එතුමන් වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව රාගම රණවිරු සෙවනෙහි සේනාවිධායක බ්‍රිගේඩියර් වජිර කාරියවසම් විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් රණවිරු සෙවනෙහි නේවාසික ප්‍රතිකාර ලබන රණවිරුවන් හට ඔවුන්ගේ ප්‍රධානියාගේ වගකීම මැනවින් විදහා පාමින් මෙම ඓතිහාසික යුද්ධ හමුදා දිනයේදී රට වෙනුවෙන් සටන් වැදී තුවාල ලබා නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් 93 දෙනෙකු ප්‍රතිකාර ලබන වාට්ටු පරිශ්‍රයන් වෙත ගොස් එම රණවිරුවන් සමඟ සුහඳ පිළිසඳරක නිරත විය.

එවකට දිවයින පුරා සිදු කරනු ලැබූ වන්නි මෙහෙයුම් කටයුතු අතරතුර වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන් හට නිසි අයුරින් සහය දැක්වූ රණවිරුවන් කිහිපදෙනෙකුද ඒ අතර විය. එහිදී ඔවුන් වෙත කෘතඥතාපූර්වකව සුහඳව සුවදුක් විමසූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම රණවිරුවන්ගේ දුක්ගැනවිලි හා අවශ්‍යතා පිළිබඳව ද විමසීමක් සිදු කළේය.

රණවිරු සෙවනෙහි රැඳී සිටි කාලය තුළ එහි ප්‍රතිකාර ලබන සෑම රණවිරුවෙකුටම යුද්ධ හමුදාධිපතිතුමන් විසින් තෑගි පාර්සල් පිරිනැමු අතර සිය සංචාරය අවසානයේදී, යුද්ධ හමුදාධිපතිතුමන් රණවිරු සෙවනෙහි පාලනාධිකාරිය සමඟ කෙටි පිළිසඳරක නිරත වෙමින් එහි නේවාසිකව වෙසෙන රණවිරුවන්ගේ ආහාර පානාදිය පිළිබඳවද විමසීමක් සිදු කළේය.

යුද්ධ හමුදාධිපතිතුමන් පිටත්ව යාමට පෙර, සිරිතක් ලෙස විශේෂ ආරාධිතයන් වෙනුවෙන් රණවිරු සෙවනෙහි වෙන් කර ඇති අමුත්තන්ගේ පොතෙහි සිය සමරු සටහනක් තබා 70 වන යුද්ධ හමුදා දිනය වෙනුවෙන් සිය මතකයක් එක් කරනු ලැබීය.Best Nike Sneakers | Nike Air Max 270