Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th June 2019 11:00:54 Hours

නච්චිකුඩා මහතුල් මජීඩ් දේවස්ථානයේ පැවැති ‘ආගමික සහජීවන’ ව්‍යාපෘතියට යුද්ධ හමුදාවේ සහය

විවිධ සංස්කෘතික බැඳීම්, ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන් සහ සියලු ජනවාර්ගික කණ්ඩායම් අතර සාමය ශක්තිමත් කිරීමේ අරමුණින් ‘කරිටාස් වන්නි කණ්ඩායම’ (Karitas Wanni Group) නම් ආගමික සංවිධානයේ ඉල්ලීමකට අනුව නච්චිකුඩා ප්‍රදේශයේ දී සංවිධානය කරන ලද බහු ආගමික වැඩසටහනක් පැවැත්වීම සඳහා වන්නි භටපිරිස්හි සහයෝගය ලබාදෙනු ලැබීය.

මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීම සඳහා සංවිධායකයින්ගේ ඉල්ලීම පරිදි 11 ගජබා රෙජිමේන්තුව ජල බවුසරයක්, කොඩි කණු සහ වර්ණ ධජ ලබා දී තිබිණි.

ඉකුත් සෙනසුරාදා (22) දින පැවැති මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 651 බලසේනාවේ බලසේනාධිපතිතුමන් ද සහභාගි විය. Nike Sneakers Store | jordan Release Dates