Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th June 2019 13:39:47 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ නව ආධුනික සෙබළුන් 125 දෙනෙකු විසිරයයි

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ අධුනික පුහුණු පාඨමාලා අංක 43 යටතේ පුහුණු ලැබු ආධුනික සෙබළුන් 125 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය ඉකුත් දා පේරාදෙණිය, ගන්නෝරුව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු පුහුණු පාසලේදී පැවති අතර එය සරඹ, ටයිකොන්ඩු, ශාරීරික අභ්‍යාස සංදර්ශන මෙන්ම තූර්ය වාදක සංදර්ශන තුලින් වඩාත් වර්ණවත් විය.

මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් වී. වීරක්කොඩි සහභාගී වූ අතර පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පුහුණු පාසලේ වැඩබලන සේනාවිධායක කර්නල් ටී.එම්.ජී.ජී.එස්. තෙන්නකෝන් විසින් උණුසුම් විසින් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් පුහුණු පාසල් පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කරන ලදී. අනතුරු, ප්‍රධාන පීඨිකාව වෙත කැටුව ගිය ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත පූරා මාස තුනකට අධික කාලයක් පුහුණු හැදෑරු ආධුනික සෙබළුන්ගෙන් සමන්විත සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනමන ලදී. විදුලි හා යාන්ත්‍රික අංශයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් බඳවාගත් මෙම ආධුනික සෙබළුන් පුරා මාස තුනකට අධික කාලයක් මෙම පුහුණු පාසල් පරිශ්‍රයේ පුහුණුව ලැබීය.

මෙහිදි, විසිරයන ආධුනික සෙබළුන්ට සුභපැතුම් එක්කිරීම සඳහා ඔවුන්ගේ දෙමව්පියන්, ඥාතී හිතමිත්‍රාදීන් ඇතුළු විශාල පිරිසක් මෙන්ම ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් ද එක්ව සිටියහ. පාඨමාලාවේ සෑම අතින්ම අතීශුර සෙබළා ලෙස සාමාන්‍ය සෙබළ එස්.ඩී.කේ.එන්. සපුතන්ත්‍රී කුසලාන හා සහතිකපත් හිමිකරගත් අතර දක්‍ෂතම වෙඩික්කරු ලෙස සාමාන්‍ය සෙබළ ඩබ්.ඒ. පේෂන්ක සහ දක්‍ෂතම ශාරිරීක යෝග්‍යතාවය හිමි සෙබළා ලෙස සාමාන්‍ය සෙබළ එස්.එල්. සේනානායක මෙහිදී කුසලාන හා සහතිකපත් හිමි කරගත්හ.

මෙම විසිරයාමේ පෙළපාලියේදී, යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉදිරිපත් කරනු ලැබූ සරඹ, ටයිකොන්ඩු, තූර්ය වාදක, ශාරීරික අභ්‍යාස හා පිරිස්සුම් පහන් සංදර්ශන එහි රැස්ව සිටි අතිවිශාල පිරිසකගේ අවධානයට සහ ආකර්ශණයට ලක්විය. Nike shoes | Nike Air Max 270