19th June 2019 14:25:50 Hours
හම්බන්තොට පිහිටි 12 වන සේනාංකයේ භට පිරිස් විසින් ඉකුත් ඉරිදා (16) දිනට යෙදුණු පොසොන් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් අන්දරගස්යාය ප්‍රාථමික විද්‍යාලය වෙත අත්‍යවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
මෙම වැඩසටහන, ප්‍රදේශයේ දානපතියෙකු වූ මේනක ජයවර්ධන මහතා ලබාදුන් පරිත්‍යාගය සහ සහයෝගය මත 12 වන සේනාංකායේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක විසින් ඉතා සාර්ථක අයුරින් සංවිධානය කරන ලදී.
මෙම වැඩසටහනේ දී එක් පාසල් සිසුවෙකුට රුපියල් 10,000/= ක වටිනාකමින් යුත් අභ්‍යාස පොත්, වතුර බෝතල්, කෑම පෙට්ටි, පාසල් බෑග්, පාසල් ඇඳුම්, මේස් යුවල්, පාවහන්, චිත්‍ර පොත්, පෑන් හා පැන්සල්, රස කැවිලි පැකට් සහ සනීපාරක්‍ෂක උපකරණ අඩංගු අත්‍යවශය පාසල් ද්‍රව්‍ය පාර්සලය බැගින් සිසු සිසුවියන් 271 ක් අතරේ බෙදාදෙන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක සහ දානපති මේනක ජයවර්ධන මහතා සහභාගි වූ අතර මෙම උත්සවය අවසානයේදී පාසල් සිසුන්ට ප්‍රණීත දිවා ආහාර වේලක් සහ අතුරුපස ද සපයනු ලැබීය. affiliate tracking url | jordan Release Dates