Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th May 2019 12:40:53 Hours

දමිළ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වන්නි භටපිරිස් ප්‍රශංසාවට ලක් කරයි

දමිළ ජාතික සංවිධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගරු චාල්ස් නිරමනාදන් පසුගිය සඳුදා (13) දින වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා හමුවූ අතර එහිදි, ප්‍රදේශය තුළ දරුණු ත්‍රස්ත ප්‍රහාර වැලැක්වීමට හා පශ්චාත් ප්‍රචණ්ඩකාරී ක්‍රියා වර්ධනයවීමෙන් පසු නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම සඳහා වන්නි භටපිරිස් දැක්වූ දායකත්වය ප්‍රශංසාවට ලක් කරන ලදී.

මෙම සුහද හමුවේදී, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය වන්නි ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා කටයුතු කල ආකාරය මෙන්ම ප්‍රදේශයේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම සඳහා භටපිරිස් කැපවී සිටින ආකාරය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා සාකච්ඡා කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ ප්‍රශංසාවට ලක්වූ වන්නි භටපිරිස් පුපුරණ ද්‍රව්‍ය සෙවීමේ සහ ත්‍රස්තවාදීන් ප්‍රදේශයෙන් ඉවත් කිරීම මෙහෙයුම් අඛණ්ඩව සිදුකරගෙන යන බව වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මෙහිදි ප්‍රකාශ කළේය. මෙම සුහද හමුව සඳහා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් හරේන්ද්‍ර රණසිංහ සහභාගි විය. Sports brands | Nike SB