Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th April 2019 12:55:18 Hours

581 වන බලසේනාවේ භටපිරිස් නව අවුරුදු සමයේ ඇතිවූ හදිසි තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් ඩෙංගු මර්ධන වැඩසටහනක් සඳහා එක්වෙයි

ගාල්ල, කරාපිටිය ගලගෙඩිය හංදිය ප්‍රදේශයේ ඩෙංගු රෝගය හේතුවෙන් ඉතා කෙටි කාලයක් තුල දරුවන් දෙදෙනෙකු මරණයට පත්වීමත් සමඟ අලුත් අවුරුදු සමයේ වේගයෙන් පැතිරීයන ඩෙංගු වසංගත තත්ත්වයට ප්‍රතිචාර දක්වමින්, යුද්ධ හමුදා සාමාජිකයින් 25 දෙනෙකු පොලිස් නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු, සෞඛ්‍ය සේවකයින් සහ ප්‍රදේශවාසීන් සමඟ එක්ව සෙනසුරාදා (13) දින උදෑසන ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සහ බෝවීමේ අවධානමක් ඇති ස්ථාන පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහනක් දියත් කරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත පසුගිය මාස කිහිපය තුල දිවයින පුරා මාරාන්තික ඩෙංගු වසංගතය මර්ධනය කිරීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 500 කට අධික පිරිසක් ක්‍රියාශීලිව කටයුතු කල අතර මෙම ප්‍රදේශයේ ඇතිවූ උද්ගත තත්ත්වයෙන් පීඩාවට පත්වූ පවූල් පිළිබඳ අවධානය යොමුකරමින්, පොලිසියේ ඉල්ලීමකට අනුව බුස්ස ප්‍රදේශයේ පිහිටි 58 වන සේනාංකයේ භටපිරිස් විසින් මෙම ජාතික මෙහෙවර සඳහා සිය දායකත්වය ලබාදෙන ලදී.

ඒ අනුව, 581 වන බලසේනා බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්දන රණවීර සහ 14 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරීගේ සහභාගිත්වයෙන් 14 වන ගැමුණු හේවා බලඇණියේ දෙවන අණදෙන නිලධාරී ඇතුළු නිලධාරීන් දෙදෙනෙකු සහ සෙසුනිලයින් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සෙනසුරාදා (13) දින එම ප්‍රදේශයට කඩිනමින් වාර්තාකොට අදාළ ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා සිය සක්‍රීය දායකත්වය ලබාදෙන ලදී.

මේ වනවිටත් යුද්ධ හමුදා සාමාජිකයින් අනෙකුත් ස්වේචඡා සේවකයින්ගේ සහයෝගය ඇතිව යුද්ධ හමුදා ට්‍රැක්ටර් යොදාගනිමින් ප්‍රදේශය පුරා කුණු කසල ඉවත් කරමින් පිරිසිදු කිරීමේ කටයුතු හා ඩෙංගු බෝවීමේ අවධානමක් ඇති ප්‍රදේශයන් පිරිසුදු කරමින් සිටියි. Best Nike Sneakers | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK