Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th April 2019 21:01:10 Hours

දිවයින පුරා ක්‍රියාත්මක වන නීති විරෝධි මත්ද්‍රව්‍යයට එරෙහිව ‘බක්මහ දිවුරුම’

දිවයිනේ සෑම පුරවැසියෙකුම නීති විරෝධි මත්ද්‍රව්‍යය ආනයනයට සහ ව්‍යාප්තියට එරෙහිව නැඟී සිටීම සඳහා වූ ‘බක්මහ දිවුරුම’ නම් විශිෂ්ඨ ජාතික පොරොන්දුව තේමාව කොටගත් උත්සවය බදාදා (3) දින සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්‍රයේ දී පැවැත්විණි.

නීති විරෝධී මත්ද්‍රව්‍යය දිවයිනෙන් තුරන් කිරීම බක් මහේ දිවුරුම කියවීම සඳහා දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි සන්නද්ධ හමුදා සාමාජිකයින්, පොලිස් නිලධාරීන් සහ පාසල් සිසුන් රැසක් සහභාගි වූහ. නිදහස් චතුරස්‍රසේ පැවැති ප්‍රධාන උත්සවයට සමගාමීව දිවයින පුරා රාජ්‍ය ආයතන සහ පාසල්වල බලපැවැත්වෙන පරිදි එකම අවස්ථාවේ මුළු දිවයිනේම ශිෂ්‍යයන් සිය ගුරුවරුන් සමඟ දිවුරුම් දුන් අතර මත්ද්‍රව්‍යය උවදුරෙන් මිදීමටත් අන් අයට ඒ සඳහා සහායවීමටත් එහිදී ප්‍රතිඥා දෙනු ලැබීය.

අතිගරු ජනාධිපතිතුමාගේ නව සංකල්පයකට අනුව නීති විරෝධි මත්ද්‍රව්‍යය දිවයිනෙන් තුරන් කිරීම සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ජනාධිපති කාර්ය සාධක බලකාය, පොලීසිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය, අන්තරායික ඖෂධ පාලක මණ්ඩලය, නීති විශාරදයින්, ශ්‍රී ලංකා රේගුව සහ අනෙකුත් අදාළ ආයතන්හී ක්‍රියාකාරී සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරනු ලබයි.

එමෙන්ම, පසුගිය වසර කිහිපය තුළ නීති විරෝධි මත්ද්‍රව්‍යය ජාවාරම් කිරීම, විකිණීම, බෙදාහැරීම සහ ඇබ්බැහිවුවන්ට එරෙහිව ජිවිත අවධානම නොතකා සටන් කල පොලීසිය, විශේෂ කාර්ය බලකාය, අනෙකුත් සේවා සාමාජිකයින් සහ සිවිල් ක්‍රියාකාරීන් කණ්ඩායමකට අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ සුරතින් ‘ජනාධිපති ප්‍රණාම’ සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයක් පවත්වන ලදී.

ඡායාරූප සඳහා අනුග්‍රහය ජනාධිපති මාධ්‍ය අංශයSneakers Store | AIR MAX PLUS