Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th March 2019 11:32:00 Hours

වන්නි යුද්‍ධ හමුදා සාමාජිකයින් විසින් සිවිල් සේවක මහතෙකු හට නව නිවසක් ඉදිකර දෙයි

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා, 21 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කුමාර ජයපතිර‍ණ සහ වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් අනිල් පීරිස් ගේ සම්බන්ධතාවයෙන් මූල්‍යමය අපහසුතාවන්ගෙන් පීඩා විධින පුද්ගලයෙකු හට නව නවසක් ඉදිකරදෙන ලදී.

ස්ථීර වාසස්ථානයක් නොමැතිව මොරගොඩ, මෙගොඩවැව සහ කැකිරාව යන ප්‍රදේශයන්හි විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වෙමින් සිටි සිවිල් සේවක මහතෙකු හට නව නිවසක් ඉදිකිරීමේ මානුෂීය ව්‍යාපෘතිය පරිත්‍යාගශීලීන් කිහිපදෙනෙකුගේ ආධාර ඇතිව වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත දියත් කළහ.

‘ජයග්‍රහණය’ සංවිධානයේ සභාපති වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය නිවස ඉදිකිරීම සඳහා වැයවෙන මුදලින් කොටසක් ලබාදුන් අතර කර්නල් අනිල් පීරිස් ගේ සම්බන්ධතාවයෙන් රාජා ජුවලර්ස් සමාගමේ අධිපති අතුල එලියාපුර මහතා නිවස ඉදිකිරීම සඳහා අවශ්‍ය ඉතිරි මූල්‍යමය ආධාර ලබා දී ඇත. සියලු පහසුකම්වලින් සමන්විත නව නිවස 212 වන බලසේනාව යටතේ ස්ථාපිත 7 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය යොදාගනිමින් ඉදිකරන ලදී.

ප්‍රතිලාභීයා සහ පවුලේ සාමාජිකයින් සඳහා නිවසට අවශ්‍ය ගෘහ භාණ්ඩ සහ රුපියල් 50,000/= ක මූල්‍යමය පරිත්‍යාගයක් කළ අතර කර්නල් අනිල් පෙරේරා සහ වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී කර්නල් උපුල් බණ්ඩාර සමගින් එක්ව දුර ප්‍රදේශයක පාසලක් වෙත බොහෝ ගමන් අපහසුතාවයන් මැද පා ගමනින් ගමන් කරන එම පවුලේ දරුවා හට පාසල වෙත යෑම සඳහා පාපැදියක් පරිත්‍යාග කළහ.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ආගමික වතාවත් මධ්‍යයේ පැවැති කෙටි උත්සවයක් අතරතුර නවතමයෙන් ඉදිකරන ලද නිවසේ සමරු ඵලකය නිරාවරණය කර විවෘත කරන ලදී. best shoes | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!