Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st April 2019 14:34:44 Hours

යුද්ධ හමුදා පොලිස් හේවා බලකා භටපිරිස් ජනාධිපති මන්දිරයෙහි සම්මාන මුර රාජකාරි භාරගනී

ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරයේ සම්මාන මුර රාජකාරි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය විසින් භාරගැනීම සඳුදා (01) දින උදෑසන ජනාධිපති මන්දිරය ඉදිරිපිටදී සිදුකරන ලදි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පුරා මාස 6 ක කාලයක් ජනාධිපති මන්දිරයේ සහ අරලියගහ මන්දිරයේ සම්මාන මුර රාජකාරින් ඉටුකිරීමෙන් අනතුරුව යුද්ධ හමුදා පොලිස් හේවා බලකා භටපිරිස් විසින් 2019 අප්‍රේල් මස 1 දින මෙසේ නිල වශයෙන් ලේඛණයන්ට අත්සන් තබමින් එම රාජකාරි භාරගන්නා ලදී.

එහිදී යුද්ධ හමුදා පොලිස් හේවා බලකා භටපිරිස් සහ ගුවන් හමුදා භටපිරිස් එකිනෙකාට සුභපැතුහ. Asics shoes | Nike Shoes