Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st April 2019 08:39:53 Hours

මඩකලපුවේ දී සියලු ජනවර්ගවලට අයත් පාපන්දු ක්‍රීඩකයින් එකට එක්වෙයි

සුහදත්වය සහ සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කරමින්, නැගෙනහිර පළාතේ සිවිල් පාපන්දු කණ්ඩායම් 9 ක් එක්ව පැවති නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථාන අන්තර් ලිග් ‘නැගෙනහිර ආඥාපති ශූරතා කුසලාන’ පාපන්දු තරගාවලිය මඩකලපුව වේබර් ක්‍රීඩාංගනයේදී පසුගිය ඉරිදා (31) දින පැවැත්විණි.

විවිධ සංස්කෘතීන් සහ වාර්ගිකත්වය යථාර්ථයක් බවට පත්කරමින් නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි වුහ.

‘නැගෙනහිර ආඥාපති ශූරතා කුසලාන’ පාපන්දු තරඟාවලිය මාර්තු 10 වන දින ආරම්භ වූ අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සකස් කරන ලද නීති සහ රෙගුලාසි යටතේ අඛණ්ඩ දින අටක් පුරා තරඟාවලිය පැවැත්විය.

‘නැගෙනහිර ආඥාපති ශූරතා කුසලාන’ පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය ප්‍රීති ඝෝෂා මධ්‍යයේ පැවැති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් තරඟාවලියේ ශූරයන් සඳහා රුපියල් 75,000 / - ක මූල්‍ය ත්‍යාගයක් සහ අනුශූරයින් සඳහා දිරිදීමනා ද පිරිනැමීය.

තවද, මෙම අවස්ථාවේදී නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් තරඟාවලියේ හොදම ක්‍රීඩකයා සහ හොදම දැල් රකින්නා වෙත මුදල් ත්‍යාග, කුසලාන හා සහතිකපත් පිරිනැමු අතර හොඳ ක්‍රීඩකයා ලෙස ඩරෝලිස් බාර්ටෙලොඩ් (Darolis Barthelod) සහ හොදම දැල්රකින්නා ලෙස පී රූබරාජ් (P Rubaraj) ද සම්මානයෙන් පිදුම් ලැබු අතර ඔවුන්හට රුපියල් 10,000/= බැගින් මුදල් ත්‍යාග පිරිනැමීය.

තරඟාවලියේ අනුශුරතාවය හිමිකරගත් අම්පාරේ පාපන්දු කණ්ඩායම වෙත රුපියල් 50,000/= ක මූල්‍ය ත්‍යාගයක් පිරිනැමු අතර තෙවන ස්ථානය හිමිකරගත් ත්‍රිකුණාමලය කින්නියා පාපන්දු කණ්ඩායම වෙත රුපියල් 30,000/= ක මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීය.

සිංහල, දමිළ හා මුස්ලිම් පාපන්දු ක්‍රීඩකයින් අතර වාර්ගික සංහිදියාව, අනෝන්‍ය අවබෝධය, සුහදශීලිත්වය සහ සුජාත භාවය සංකේතවත් කරමින් නැගෙනහිර පළාතේ රජයේ නිලධාරීන්, පාපන්දු ප්‍රවීණයන්, 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ, 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ, 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කපිල උදළුපොල, බලසේනාධිපතිවරුන්, මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිළයින් මෙන්ම පාපන්දු ක්‍රීඩාලෝලීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් වේබර් ක්‍රීඩාංගනයේදී තරඟාවලියේ අවසන් තරඟය පැවැත්විණි. Best Nike Sneakers | Nike React Element 87