Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th March 2019 14:49:42 Hours

යාපනයේ පදිංචිව සිටි මියගිය විශ්‍රාමික රණවිරුවා ගේ අවසන් කටයුතු පුර්ණ හමුදා ගෞරව සහිතව සිදු කෙරේ

යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි සදුදා (25) දින අභාවප්‍රාප්ත වූ 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ විශ්‍රාමික කෝප්‍රල් කේ. කුමාරස්වාමි ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකය යටතේ ඇති 515 බලසේනා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පුර්ණ හමුදා ගෞරව සහිතව සිදු කරයි.

ගම්වාසීන්ගෙන් දේහය භාරගැනිමෙන් අනතුරුව යුද්ධ හමුදා භට පිරිස් විසින් පූර්ණ හමුදා ගෞරව ආචාර මධ්‍යයේ කෝපායි කීරමලෙයි පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කළහ.

මෙම කොමිෂන් නොලත් විශ්‍රාමික නිලධාරියා වසර 22 ක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව යාපනය අර්ධද්වීපයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගන්නා ලදි.

වර්ෂ 1957 පෙබරවාරි 13 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වූ අභාවප්‍රාප්ත කෝප්‍රල් කේ. කුමාරස්වාමි 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කල අතර, මෙම කොමිෂන් නොලත් නිලධාරී වෙත දීර්ඝ සේවා පදක්කම, ජනාධිපති පදක්කම, 25 වන සංවත්සර පදක්කම සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම, ජනාධිපති පදිවිප්‍රාප්ති පදක්කම ඇතුළු පදක්කම් ගණනාවක් හිමිගන්වා ඇත.

මෙම අවමංගල්‍ය උත්සවය සඳහා 515 බලසේනාවේ බලසේනාධිපතිතුමන් ඇතුළු ‍ශෝකයට පත් ඥාතීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් එක්විය. Running sports | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5