Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th March 2019 16:02:10 Hours

පාකිස්ථානු යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කණ්ඩායමක් ගාල්ල ප්‍රදේශයේ සංචාරයක

පාකිස්ථාන යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ නියෝජිතයින් පිරිසක් සදුදා (25) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍ය පීඨයේ සංචාරයක නිරත වු අතර, එහිදි සපැමිණි පිරිස 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න හා 581 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්දන රණවීර විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි.

මෙම සංචාරය සඳහා පාකිස්ථානු යුද්ධ හමුදාවේ යුද්ධ හමුදා වෛද්‍ය බලකායට අනියුක්තව සේවය කරනු ලබන නියෝජ්‍ය ශල්‍ය වෛද්‍ය මේජර් ජෙනරාල් සයිඩ් අමාර් රාසා (Major General Syed Ammar Raza) ඇතුළු මේජර් ජෙනරාල් ෂෙහාල බකායි (Major General Shehla Baqai) සහ බ්‍රිගේඩියර් ෂැසියා සර්වාර් (Brigadier Shazia Sarwar) යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිස මෙම සංචාරයට එක්විය.

අනතුරුව මෙම නියෝජිත පිරිස 14 වන ගැමුණු හේවා බලඇණියෙන් විවේක ගැනිමෙන් අනතුරුව අම්බලන්ගොඩ පිහිටි කැස්බෑ මසුන් බෝකරන ස්ථානයද නරඹන ලදි. ඉන්පසු සුහදත්වය සංකේතවත් කරමින් සමරුතිළිණ හුවමාරුවක්ද සිදු කළහ. Nike Sneakers Store | Nike