Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th March 2019 11:30:32 Hours

221 වන බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරි අරඹයි

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි 221 වන බලසේනාවේ 7 වන බලසේනාධිපති ලෙස කර්නල් ප්‍රියන්ත කාරියවසම් පසුගිය බ්‍රහස්පතින්දා (21) දින ආගමික වතාවත් මධ්‍යයේ පැවැති උත්සවයකදී රාජකාරි ආරම්භ කරන ලදී.

මීට ප්‍රථම 221 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි කල ඩි.පී.යු. ගුණසේකර, 142 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි භාරගැනීමෙන් අනතුරුව කර්නල් ප්‍රියන්ත කාරියවසම් සිය ධූරයේ රාජකාරි භාරගත්හ. එමෙන්ම, කර්නල් ප්‍රියන්ත කාරියවසම් සිය ධූරයේ රාජකාරී භාරගැනීමට ප්‍රථම යුද්ධ හමුදා මූලස්ථානයේ කර්නල් ජනමාධ්‍ය ලෙස ද රාජකාරී කළහ.

බලසේනා පරිශ්‍රය වෙත සපැමිණි නව බලසේනාධිපතිතුමන් හට 2 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරීනැමීය.

ඉන් අනතුරුව, මෙම අවස්ථාව සංකේතවත් කරමින් නව බලසේනාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කල අතර සියලු නිල තේපැන් සංග්‍රහයක් සඳහා ද එක්විය.

මෙම අවස්ථාව සඳහා 2 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, 6 වන විජයබාහු පාබල රෙජමේන්තුවේ දෙවන අණදෙන නිලධාරී ඇතුළු බලසේනා මූලස්ථානයේ කාර්යමණ්ඩලයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ. Best Nike Sneakers | Nike for Men