Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st February 2019 15:50:18 Hours

යක්කල රණවිරු ඇපරල් හි නව සේනාවිධායක මේජර් ජෙනරාල් මංජුල මනතුංග

නව පත්වීම් ලැබු යක්කල රණවිරු ඇපරල් නව සේනාවිධායක මේජර් ජෙනරාල් මංජුල මනතුංග රණවිරු ඇපරල් යක්කල කර්මාන්තශාලාවේ සිව්වන සේනාවිධායක ලෙස රාජකාරි භාර ගන්නා ලදි.

රණවිරු ඇපරල් හි යුද්ධ හමුදා සාමාජිකයින් විසින් නව සේනාවිධායක වෙත හමුදා සම්ප්‍රදානුකූලව කඳවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර, ඉන් අනතුරුව ආගමික වතාවත් මධ්‍යයේ සිය කාර්යාලයේදී නව ධුරයේ රාජකාරි ආරම්භ කළහ.

එතුමන් විසින් යුද්ධ හමුදා සාමාජිකයින් ඇමතීමට ප්‍රථම සංකේතාත්මකව නෙල්ලි (Indian Gooseberry) පැළයක් කඳවුරු පරිශ්‍රයේ රෝපණය කළ අතර අනතුරුව පිළියෙල කර තිබු උදෑසන තේ පැන් සංග්‍රහයට ද සහභාගි විය. සන්ධ්‍යාවේදී එතුමන් කර්මාන්තශාලා සංකීර්ණයේ සංචාරයක නිරතවෙමින් නිෂ්පාදන ක්‍රියාවලිය, යටිතල පහසුකම්, සුභසාධන ව්‍යාපෘති සහ වෙනත් අංශ පිළිබඳව නිරීක්‍ෂණය කරන ලදි.

බ්‍රිගේඩියර් සේනක දසනායක ගේ අනුප්‍රාප්තිකයා ලෙස මේජර් ජෙනරාල් මංජුල මනතුංග නව සේනාවිධායක තනතුරට පත්විය.

නියෝජ්‍ය සේනාංකාධිපති, යක්කල සහ අලව්ව කර්මාන්තශාලා කළමණාකරුවන්, මානව සම්පත් කළමණාකරු, නිෂ්පාදන සැලසුම් සහ කාර්යය අධ්‍යයන කළමණාකරු සහ රණවිරු ඇපරල් හි සේවය කරන සියලුම යුද්ධ හමුදා සාමාජිකයින් මෙම අවස්ථාව සඳහා සහභාගි වුහ. best Running shoes brand | Nike Shoes