Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th February 2019 17:49:59 Hours

නැගෙනහිර ආඥාපතිතුමන් මුස්ලිම් ආගමික නායකයින් පිරිසක් හමුවෙයි

සිවිල් සමාජය සහ හමුදාව අතර ඇති සබඳතා වර්ධනය කරගැනීමේ අරමුණින් කල්කුඩා හා ඔට්ටමවාඩි ප්‍රදේශයන්හි ජීවත්වන මුස්ලිම් ආගමික නායකයින් සමඟ සාකච්ජාවක් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ මූලිකත්වයෙන්, ඉකුත් බදාදා (6) දින ඔට්ටමාවඩි ජාතික පාසලේදී පැවැත්විණි.

මෙහිදි නැගෙනහිර ප්‍රදේශයේ මතුව ඇති පොදු සමාජීය ගැටළු වන ඉඩම් ගැටළු, නීතිවිරෝධී ක්‍රියා සහ පුළුල්ව ව්‍යාප්ත වෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර නිසා ප්‍රදේශයේ සිටින තරුණ පරපුර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වලක්වා ගැනීම සඳහා ගත හැකි පියවර යන කරුණු පිළිබඳව මෙම සාකච්ඡාවේදි විශේෂ අවධානය යොමුවිය.

ඒ අනුව, යුද්ධ හමුදා සාමාජිකයින් හා සිවිල් සමාජය අතර මනා සන්නිවේදන සබඳතාවයන් පවත්වාගැනීම, සාර්ථකව මෙම සමාජයීය අභියෝග ජය ගැනීමට ඉවහල් වන බව නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් අවධාරණය කළ අතර ඒ සඳහා මුස්ලිම් ආගමික නායකයින් තම පූර්ණ සහයෝගය ලබාදෙන බවට ද එකඟතාවය පලකර සිටියහ. තවද, මෙවැනි කාලෝචිත වැඩසටහනක් පැවැත්වීම සම්බන්ධව නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් හට මුස්ලිම් ආගමික නායකයින් විසින් ඔවුන්ගේ කෘතඥතාව පළ කර සිටියහ.

කල්කුඩාහි ජමායිතුල් උලමා (Jamiatul Ulama) සංවිධානයේ සභාපති මවුලාවි ඒ. එල්. එම්. ඉස්මයිල් (Maulavi A.L.M Ismail), අල්-කිම්මා (Al-Kimma) සංවිධානයේ කළමනාකරු එම්. එම්. ෂාරුක් මහතා (Mr M.M.S Sharook), 23 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්. ඒ. කේ. බී. උදළුපොල, 233 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්. ඇල්විට සහ නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී කර්නල් එස්.එම්.එස්. සමරකෝන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ. Nike Sneakers Store | Nike