Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th January 2019 16:31:06 Hours

නෙදියමඩු වැවේ බැම්ම ආරක්‍ෂක තහවුරු කිරීමට 4 වන ගැමුණු හේවා බලකායේ භට පිරිස් සමත්විය

නෙදියමඩු ප්‍රදේශයේ පිහිටි කලික්කුලම් වැවේ ජල කාන්දුවීමක් පිළිබඳ ප්‍රදේශයේ සිවිල් වැසියන් විසින් දැනුම්දීමෙන් අනතුරුව නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථනය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 4 වන ගැමුණු හේවා බලකායේ භට පිරිස් බිඳීගිය වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කළහ.

ඒ අනුව, යුද්ධ හමුදා නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 22 ක් යුහුසුළුව ක්‍රියාත්මක වී වැලි කොට්ට අතුරා පැය කිහිපයක් තුල බිඳීගිය වැව් බැම්මේ ආරක්‍ෂාව තහවුරු කිරීමට සමත්විය.

23 වන සේනාංක මූලස්ථානයේ මඟපෙන්වීම යටතේ 231 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජි.එම්.එන්. පෙරේරා ගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ මඩකලපුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ සහයෝගීතාවයෙන් බිඳිගිය වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලදී. Sportswear Design | Nike Running