Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th January 2019 15:43:31 Hours

යාපනය විශ්ව විද්‍යාල සිසුන්ගේ අනුග්‍රහකත්වය ඇතිව පූනරීන් ප්‍රදේශයේ සිසුන්ට පාසල් උපකරණ බෙදාදීමක්

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් 661 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස්හි සම්බන්ධිකරණයෙන් අඟහරුවාදා (22) දින පූනරීන් පිහිටි කිලිනොච්චි ඥාණිමඩම් විද්‍යාලයේ සිසුන්ට පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් දියත් කළහ.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ අනුග්‍රාහකත්වය ඇතිව අඩු ආදායම්ලාභි පවුල් වල සිසුන් 20 දෙනෙකු සඳහා මෙලෙස පාසල් උපකරණ බෙදාදෙන ලදි.

මෙම පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රියන්ත ජයවර්ධන සහභාගි විය. තවද මෙම අවස්ථාව සඳහා 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන්, පාසලේ ගුරුවරුන් සහ ප්‍රතිලාභලාභි සිසුන් රැසක් එක්ව සිටියහ. latest Nike release | adidas Yeezy Boost 700 , Ietp