Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th January 2019 16:12:00 Hours

ගංවතුරෙන් පීඩාවටපත් කිලිනොච්චි සිසුන් 2280 කට සහ පවුල් 100 කට දකුණේ ජනතාවගෙන් සහන

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ උපදෙස් මත 57 වන සේනාංකය, 571, 572, 573 වන බලසේනාවන්, 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව, 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 15 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් අදාළ ප්‍රදේශයන්හි කාර්යක්‍ෂමතාවයෙන් සහ විශ්වසනීය සම්බන්ධීකරණයෙන් දරිද්‍රතාවයෙන් සහ ගංවතුරෙන් පීඩාවට පත්වූ කිලිනොච්චි ප්‍රදේශයේ සිසුන් සහ සිවිල් වැසියන්ට සහන සැලසීම සඳහා අත්‍යවශය ද්‍රව්‍ය තොගයක් බෙදාහරින ලදී.

ආරක්‍ෂක අමාත්‍යංශයේ ‘සෙනෙහස සියපත’ ව්‍යාපෘතිය සහ ඩයලොග් ආසියාටා සමාගම එකාබද්ධව කිලිනොච්චි ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත්වූ කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලය, කිලිනොච්චි හින්දු විද්‍යාලය, පනින්කඩ්ඩි රජයේ මිශ්‍ර විද්‍යාලය, භාරති හින්දු විද්‍යාලය, පුනනරාවි මිශ්‍ර පාසල, ශාන්ත ඇන්තෝනි විද්‍යාලය, මුරුසුමොඩේයි දකුණු මිශ්‍ර පාසල සහ මයවනුර විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ සිසුන් 2280 කගේ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීමේ අරමුණින් පාසල් උපකරණ තොගයක් සඳුදා (21) දින බෙදාදෙන ලදී.

එමෙන්ම, 57 වන සේනාංකයේ භට පිරිස්හි සම්බන්ධිකරණයෙන් හිටපු ජනප්‍රිය නිළි මෙන්ම යෝගා උපදේශකවරියක වන අනෝජා වීරසිංහ මහත්මීය සහ ‘අභින’ පුහුණු මධ්‍යස්ථානයේ සහයෝගය ඇතිව ධර්මපුරම් ගම්මානයේ ගංවතුරෙන් පීඩාවට පත්වූ පවුල් 100 ක් සඳහා අත්‍යාවශය ද්‍රව්‍ය අඩංගු වියලි සළාක මලු තොගයක් බෙදාදෙන ලදී. url clone | yeezy sole turning blue color shoes FX6794 FX6795 Release Date - nmd legion ink goat costume ideas for boys