14th January 2019 12:00:04 Hours
23 වන සේනාංකය යටතේ වාකරේ ප්‍රදේශයේ ස්ථාපිත 233 වන බලසේනාවේ 26 වන බලසේනාධිපති ලෙස කර්නල් ආර්. ඇල්විටිගල ඉරිදා (06) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරී අරඹන ලදී.
මීට ප්‍රථම, 233 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරී කල කර්නල් කේ.ඒ. සමරසිරි කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි භාරගැනීමෙන් අනතුරුව කර්නල් ආර්. ඇල්විටිගල මෙලෙස නව ධූරයේ රාජකාරී භාරගන්නා ලදී.
බලසේනා මූලස්ථානය වෙත සපැමිණි නව බලසේනාධිපතිතුමන් වෙත 6 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමුහ. අනතුරුව නව බලසේනාධිපතිතුමන් මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළ අතර එම බලසේනාවේ සේවයේ නියුතු භට පිරිස් ද අමතනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා 6 වන ගජබා රෙජිමේන්තුව, 18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සහ 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරීන් මෙන්ම බලසේනා මූලස්ථානයේ කාර්ය මණ්ඩලය ද සහභාගි වූහ.Sports News | NIKE AIR HUARACHE