Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd January 2019 19:10:46 Hours

11 වන සේනාංකය විසින් නව බෝධි ප්‍රාකාරයක් විවෘත කරනු ලබයි

පල්ලේකැලේ 11 වන සේනාංක මූලස්ථානයේ නවතමයෙන් ඉදිකරනු ලැබු බෝධි ප්‍රාකාරය සහ බුදු පිළිම වහන්සේ නිරාවරනය කිරිම මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් ආගමික වතාවත් සිදුකරමින් 2018 දෙසැම්බර් මස 21 දින සිදු කරනු ලැබීය.

මෙහිදි 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර විසින් නව බෝධි ප්‍රාකාරය හා නවතමයෙන් තැන්පත් කරනු ලැබූ බුදු පිළිම වහන්සේ වන්දනාමානයන් සිදුකිරිම සඳහා විවෘත කරනු ලැබීය.

මෙම උතුම් වැඩසටහන අවසානයේ දි පැවති බෝධි පූජාමය පිංකමින් අනතුරුව මෙම උත්සවයේ වැඩ කටයුතු අවසන් වූ අතර, එම අවස්ථාව සඳහා 11 වන සේනාංක මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් හා යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් ද මෙයට සහභාගීවූහ. latest jordans | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival