Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd January 2019 18:10:46 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකා පුහුණු පාසලේ ලිපිකරු පාඨමාලා අංක 58 සාර්ථකව නිමාවට

ඇඹිලිපිටිය, කුට්ටිගල පිහිටි ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකා පුහුණු පාසලේ සැප්තැම්බර් 20 දින සිට දෙසැම්බර් 21 දින දක්වා මාස තුනක කාලයක් පැවැති ‘ලිපිකරු පාඨමාලා අංක - 58’ ඉකුත් 21 වැනි දින එම පුහුණු පාසල් ශ්‍රවනාගාරයේ දී සාර්ථකව නිමාවට පත්විය. මෙම පාඨමාලාව සඳහා ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තු (නිත්‍ය සහ ස්වෙච්ඡා) නියෝජනය කරමින් යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහභාගීවුහ.

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය හා ස්වේච්ඡා බලකා ඒකකයන්ට අත්‍යවශ්‍ය වෘත්තියෙහි නිපුන ලිපිකරුවන් බිහිකිරිමෙහි අරමුණ ඇතිව මෙම පාඨමාලාව සැලසුම් කර ඇති අතර සති 11 ක කාලයක් ආවරණය වන පරිදි සැලසුම් කරන ලද විෂය නිර්දේශයකින් පාඨමාලාව සමන්විත විය. මෙමගින් කාර්යාල ක්‍රියාපටිපාටිය, වැටුප් හා ලේඛන කාර්ය පටිපාටි, හමුදා සංවිධානය, හමුදා නියෝග, හමුදා පනත සහ සිවිල් පරිපාලන කටයුතු ආදි ක්‍ෂේත්‍රයන් පිළිබඳ දැනුම ලබාදුන් අතර, මෙම පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කිරීමෙන් පසුව ඔවුන් සිය රෙජිමේන්තු රාජකාරි සදහා විසිර ගියහ.

2 වන (ස්වේච්ඡා) ශ්‍රි ලංකා යුද්ධ හමුදා සේවා බළකායේ සාමාන්‍ය සෙබළ ආර්.එම්.එස්.එස් රත්නායක විසින් පාඨමාලාවේ සියලු විභාග වලින් ඉහළම ලකුණු රුස්කරගනිමින් සමස්ථ පාඨමාලාවේ ප්‍රථම ස්ථානය දිනාගනු ලැබීය.

යුද්ධ හමුදා සාමාජිකයින් 85 දෙනෙකු සාර්ථකව මෙම පාඨමාලාව අවසන් කරමින් සහතිකපත් හිමිකර ගත් අතර මෙම පාඨමාලාවේ සහතිකපත්‍ර ප්‍රධානෝත්සවය ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකා පුහුණූ පාසැල් ශ්‍රවනාගාරයේදි  2018 දෙසැම්බර් මස 21 වන දින එම පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් සාලිය පද්මශාන්ත ගේ මුලිකත්වයෙන් පැවැත්විණි. Best Authentic Sneakers | UK Trainer News & Releases