Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd January 2019 20:01:30 Hours

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය මහා නත්තල් සැණකෙළියෙන් පසු නව වසර අර්ථවත් කරයි.

2019 නව වසර ආරම්භයත් සමඟ යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් යාපනය අර්ධද්වි‍යේ සිටින සුදුසු කම් ලාභි ශිෂ්‍යයන් 10 දෙනෙකුට අලුත් අවුරුදු දිනයේදි නව පාපැදි 10 ක් බෙදාදෙනු ලැබීය.

නව අවුරු උදාව ඇරඹුමත් සමග වැඩ කරන පළමු දිනයේ දී, යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථාන‍යේ ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් මෙම ප්‍රතිලාභි ශිෂ්‍යයින් එම ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රය වෙත කැදවා මෙම ත්‍යාග ප්‍රධානය සිදු කරන ලද අතර, එමගින් මෙම ශිෂ්‍යයින් හට තම පාසල් වෙත යාමේදි ඇතිවන ප්‍රවාහන දුෂ්කරතාවය සඳහා පිළියම් සැලසෙනු ඇත.

මෙම උත්සවය සදහා බයිසිකල් ප්‍රතිලාභි ශිෂ්‍යයින්, ඔවුන්ගේ දෙමව්පියන්, ගුරුවරුන් සහ යුද හමුදා නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් නත්තතලට සමගාමීව සංවිධානය කළ “සැණකෙළිය සහ සංගීත සෑදැව” ප්‍රධාන නත්තල් සංදර්ශනය යාපනය කොටුව අසලදි දින තුනක් (28-30) ක් පුරා පැවති අතර ඉකුත් ඉරිදා (30) දින අවසන් විය. මෙම වැඩසටහනේ දින දෙකකදී විනෝදාත්මක විශේෂාංග රැසක් පැවැත්වු අතර ඒ සදහා විශාල ජනකායක් ද පැමිණ සිටියහ.

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ පුර්ණ මගපෙන්වීම මත සිදුකරනු ලැබු මෙම වැඩසටහන සඳහා එම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ඇති සේනාංක, බලසේනාංක සහ ඒකකයන්හි සහය හිමි විය.

මෙම උත්සවයට ළමුන් සඳහා වන විනෝදජනක ක්‍රීඩා සහ විනෝදජනක අංග රැසක් ද ඇතුළත් වු අතර යාපනයේ 'Yarl Tunes' සංගීත කණ්ඩායම, යුද්ධ හමුදා සංගීත කණ්ඩායම, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සංගීත කණ්ඩායම මෙන්ම දිවයිනේ බොහෝ ජනප්‍රිය ගායක ගායකයින් සහ නර්ථන කණ්ඩායම වල සහභාගිත්වය මෙහි පැමිණි විශාල පිරිසක් රසාස්වාදයට පත්කරන්නට සමත්විය.

උතුරු පළාත් ආණ්ඩුකාර ගරු. රෙජිනෝල් කුරේ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භවූ මෙම උත්සවය සදහා විකා ජෙනරාල් පී ජෙබරත්නම් පියතුමා, යාපනයේ මහාධිකරණ විනිසුරු, යාපනය දිසාපති, යාපනය ඉන්දීය කෞන්සල් ජෙනරාල්වරයා, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, රාජ්‍ය නිලධාරීන්, සහ සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් සහභාගි වුහ. Sports Shoes | Ανδρικά Nike