Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st December 2018 16:59:33 Hours

නික්මයන නාවික හමුදාපතිතුමන් යුද්ධ හමුදාධිපතිතුමන් හමු වෙයි

සිය දූරයෙන් නික්මයන නාවික හමුදාධිපති අද්මිරාල් සිරිමෙවන් රණසිංහ සිකුරාදා (31) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

යුද්ධ හමුදා මුලස්ථානය වෙත පැමිණි නාවික හමුදාධිපතිතුමන් වෙත හමුදා කඳවුරු සම්මාන ආචාර මුරයක් පිළිගන්වන ලද අතර, ඉන් අනතුරුව එතුමන් පිළිගත් ශ්‍රි ලංකා යුද්ධ හමුදා මූලස්ථාන බලඇණි අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ප්‍රදීප් ගමගේ විසින් එතුමන් සාදරයෙන් පිළිගනු ලැබීය.

අනතුරුව විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් පැමිණි නාවික හමුදාධිපතිතුමන්ව යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලිය නිරීක්‍ෂණය කිරීම සඳහා කැටුව යනු ලැබීය. අනතුරුව ගැමුණු හේවා බලඇණියේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර පෙළපාලියක් නාවික හමුදාධිපතිතුමන් හට පිරිනමන ලදි.

හමුදා ලේකම් කාර්යාලයේ දී නික්ම යන නාවික හමුදාධිපතිතුමන්ව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබු අතර, එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් වන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සේනා විධායක, අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල හමුදා, උපකරණ මාස්ටර් ජෙනරාල්, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල්, යුද සේවා ලේකම් සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රුසක් එක්විය.

අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සිය ධූර කාලය තුළ නාවික හමුදාධිපතිතුමන් විසින් දැක්වු සහයෝගීතාව වෙනුවෙන් නාවික හමුදාපතිවරයාට ස්තුතිය පුද කරණු ලැබීය.

නික්ම යෑමට නියමිත නාවික හමුදාධිපති අද්මිරාල් සිරිමෙවන් රණසිංහ විසින් හමුදාධිපති කාර්යාලයේ දී සමරු සටහන් පොතේහිද සටහනක් තැබීය. Asics shoes | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov