Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th December 2018 12:20:34 Hours

මූලතිව් ප්‍රදේශයේ ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කල තවත් ඉඩම් අක්කර 52.14 ක් නිදහස් කෙරේ

ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත රජයේ සහ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීමේ ව්‍යාපෘතියට අනුව මූලතිව් ප්‍රදේශයේ සිවිල් වැසියන්ට අයත් නිදහස් කරන ලද ඉඩම් අක්කර 52.14 ක් සඳහා වූ නිල ලේඛණ සංකේතාත්මකව නත්තල් උත්සවයට සමගාමීව අඟහරුවාදා (18) දින ශාන්ත පීටර් දේවස්ථානයේ දී මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු නත්තල් කැරොල් ගායන ප්‍රසංගය අතරතුර දී මූලතිව් දිස්ත්‍රික් ලේකම් රූපවතී කේතිෂ්වරම් මහත්මිය වෙත භාරදෙන ලදී.

සුහදත්වය සහ සංහිඳියාව තවදුරටත් වර්ධනය කරමින් සිවිල් වැසියන්ට අයත් ඉඩම් අක්කර 33.05 ක්, රජයට අයත් ඉඩම් අක්කර 11.59 ක් සහ වන රක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අක්කර 7.5 ක් මෙලෙස මෙම උත්සවය අතරතුර නිදහස් කරනු ලැබීය. ඒ අනුව, මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු විසින් නිදහස් කරන ලද ඉඩම් සඳහා වූ නිල ලේඛණ නත්තල් කැරොල් ගායන ප්‍රසංගය නැරඹීම සඳහා පැමිණ සිටි ආගමික පූජකවරුන් ඉදිරියේ මූලතිව් දිස්ත්‍රික් ලේකම්තුමිය වෙත ප්‍රදානය කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ආගමික පූජකවරුන්, 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය, 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර, මූලතිව් ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති බ්‍රිගේඩියර් ජේ.ඒ.ඩි.පී. ජයතිලක, මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් ආර්. රමේෂ් කුමාර මහතා, බලසේනාධිපතිවරුන්, මූලතිව් දිස්ත්‍රික් පොලිස් අධිකාරී ආර්.පී. සේනානායක මහතා සහ සිවිල් වැසියන් රැසක් සහභාගි වූහ.spy offers | Nike Dunk - Collection - Sb-roscoff