Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th December 2018 12:19:24 Hours

එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නික්මයන සහ සිය ධූරයේ රාජකාරි භාරගන්නා නිලධාරීන් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක සහයෝගිතා කාර්යාලයේ නික්මයන ප්‍රධානී ලුතිනන් කමාන්ඩර් වෙන්ඩි Ng (Lieutenant Commander Wendy Ng) සහ සිය ධූරයේ රාජකාරි භාරගන්නා ලුතිනන් කමාන්ඩර් රෝස් පීටර්ස් (Lieutenant Commander Ross Peters) අඟහරුවාදා (18) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුත්නන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

මෙම සුහද හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන් නික්මයන ඇමරිකානු නිලධාරී ලබාදුන් සහයෝගීතාවය වෙනුවෙන් සිය ස්තුතිය පුද කළහ. එහිදි නික්මයන ඇමරිකානු නිලධාරීගේ මතකයන් සිහිපත් කල අතර සිය ධූරයේ රාජකාරි භාරගනු ලබන නව නිලධාරීතුමන්ව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හඳුන්වාදෙනු ලැබීය. අනතුරුව, මෙම සුහද හමුවේ දී පුහුණු වැඩමුළු තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා පුළුල් පුහුණු සහයෝගීතාවයක් ඇතිකිරීම පිළිබඳව ද සාකච්ඡා කළහ.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවැති මෙම සුහද හමුව සඳහා යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි, මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අතුල හැන්නදිගේ සහ එක්සත් රාජධානි තානාපති කාර්යාලයේ නිලධාරීයෙකු සහභාගි වූහ. මෙම සුහද හමුව අවසානයේ සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය. bridge media | Air Jordan Retro - 2021 Release Dates + Preview , Fitforhealth