12th November 2018 08:00:17 Hours
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ශ්‍රී ලංකා ජාත්‍යන්තර සටන් කලා ඇකඩමිය සමඟ සහයෝගීත්වයෙන් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ආත්ම ආරක්ෂව සඳහා සටන් කලා හැකියාව වර්ධනය කිරීමේ අරමුණින් ‘Martial Arts’ සටන් පුහුණුවේ තෙවන අදියරය 2018 නොවැම්බර් 07 දින සිට 12 දින දක්වා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේදි පවත්වනු ලැබීය.
මෙම වැඩමුළුව සඳහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියළු ඒකකයන් නියෝජනය කරමින් යුද්ධ හමුදා සාමාජිකයින් 100 කට අධික පිරිසක් සහභාගි වු අතර, මෙම පාඨමාලාව ජාත්‍යන්තර සටන් කලා ඇකඩමියේ අධ්යක්ෂ මෙන්ම ප්‍රධාන උපදේශක පරජලිත පුෂ්ප කුමාර මහතා විසින් මෙහෙයවනු ලැබීය.
මෙම වැඩමුළුවේ සමාප්ති උත්සවය යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී සඳුදා (12) දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහාභාගි විය.jordan Sneakers | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth