Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th October 2018 19:34:09 Hours

යාපනය සහ මාන්කුලම් කඨින පූජෝත්සව සඳහා යුද්ධ හමුදාවේ සහාය

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය සහ කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පූර්ණ සහයෝගය ඇතිව යාපනය ශ්‍රී නාග විහ‍ාරයේ සහ මාන්කුලම් ශ්‍රී සුගත විහාරයේ වාර්ෂිකව පවත්වනු ලබන කඨින පූජෝත්සව ඔක්තෝබර් 27 සහ 28 දිනයන්හි පවත්වනු ලැබීය.

ඒ අනුව, උතුරේ සහ දකුණේ සම්ප්‍රදායන්ට අනුකූලව නර්ථනාංගයන්ගෙන් අලංකාරවත් කඨින වස්ත්‍ර පූජාව රැගත් පෙරහැර යාපනය කොටුව සිට නාග විහාරය දක්වා ගමන් කරනු ලැබීය.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත 51 වන සේනාංකයේ සහ 512 වන බලසේනාවේ පූර්ණ සහයෝගය ඇතිව සංවිධානය කරනු ලැබූ මෙම කඨින පෙරහැර නැරඹීම සඳහා සියලු ආගම් නියෝජනය කරමින් යාපනයේ ආගමික පූජකවරුන් , මහා සංඝරත්නය, යාපනයේ ඉන්දීය කොන්සල් ‍ජෙනරාල් එස්. බාලචන්ද්‍රන් මහතා, යාපනය මහාධිකරණ විනිසුරු ඒ. ප්‍රේමසංකර් මහතා, යාපනයේ නගරාධිපති එම්මානුවෙල් ආර්නෝල්ඩ් මහතා, යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේතනායහම් මහතා, 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න, ජ්‍යෙෂ්ඨ රජයේ හා පෞද්ගලික අංශයේ නිලධාරීන් ඇතුළු විශාල බැතිමතුන් පිරිසක් පැමිණ සිටියහ.

මේ අතර, මාන්කුලම් ශ්‍රී සුගත විහාරස්ථානයේ කඨින චීවර පූජාව සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 574 වන බලසේනාවෙහි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහයෝගය ඇතිව ඔක්තෝබර් 27 සහ 28 දිනයන්හි දී පවත්වනු ලැබීය.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 574 වන බලසේනාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් නව විහාර මන්දිරය විවෘත කිරීමේ පිංකමට පෙර එම විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙනු ලැබීය.

නවතමයෙන් ඉදිකරනු ලැබූ විහාර මන්දිරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවර්ණය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ෂංක රණවන සහභාගි වූ අතර, එහිදී එතුමන් මහාසංඝරත්නය වෙත දැහැත් වට්ටියක් පිරිනමා 28 වනදා පහන් වන තුරු පරිත්‍රාන ධර්මදේශනාව සිදුකරන ලෙස ආරාධනය කරනු ලැබීය.

ශ්‍රී සුගත විහාරයේ විහාරාධිපති හිගුරන්කන්දේ ශ්‍රී සුගත ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත 574 වන බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ අධීක්ෂණය යටතේ භට පිරිස් විසින් මහා සංඝරත්නය වෙත දානය පිළිගන්වනු ලැබු අතර මෙම අවස්ථාව සඳහා ඒම ප්‍රදේශයේ සිවිල් වැසියන් 300 කට අධික ප්‍රමාණයක් සහභාගි වූහ. url clone | Gifts for Runners