Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th October 2018 19:30:22 Hours

56 වන සේනාංකය පාපැදි සහ පුස්තකාල පොත් තොගයක් පරිත්‍යාග කරයි

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 56 වන සේනාංක මූලස්ථානය කොළඹ පිහිටි ශ්‍රි ලංකා ගුරු සංචාරක සමාජයේ සහයෝගය ඇතිව බෝගස්වැව මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනු ලබන අඩු ආදයම්ලාභි පවුල්වල සිසුන් 20 දෙනෙකු සඳහා පාපැදි 20 ක් සිකුරාදා (20) දින එම විද්‍යාල පරිශ්‍රයේ පැවැති උත්සවයක දී බෙදාදෙනු ලැබීය.

56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය ගේ මූලිකත්වයෙන් සංවිධානය කරනු ලැබු මෙම වැඩසටහන සඳහා වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සහ ශ්‍රී ලංකා ගුරු සංචාරක සමාජයේ සභාපති නියෝලි ද අල්විස් මහත්මිය සහභාගි වූහ.

සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා පාසල් වෙත ගමන් කිරීමට මෙම ප්‍රදේශයේ ප්‍රමාණවත් පොදු ප්‍රවාහන පහසුකම් නොමැතිවීම හේතුවෙන් දිගු දුරක් පයින් ගමන් කිරීමේදී අලි ඇතුන්ගේ ග්‍රහණයට හසුවී අනතුරු සිදුවීමට ඇති අවකාශය ද සැලකිල්ලට ගනිමින් ප්‍රදේශයේ අඩු ආදයම්ලාභි පවුල්වල දරුවන් මුහුණදී ඇති දුෂ්කරතාවයන් පිළිබඳ අවධානය යොමු කරමින් මෙම පරිත්‍යාග සිදුකරනු ලැබීය.

561 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ.සී.පී. සිල්වා ගේ උපදෙස් මත එම බලසේනාවේ භට පිරිස් විසින් සංවිධානය කරනු ලැබු මෙම පාපැදි බෙදාදීමේ උත්සවය සඳහා ශ්‍රී ලංකා ගුරු සංචාරක සමාජයේ සභාපති නියෝලි ද අල්විස් මහත්මිය සහ ස්වාධින රූපවාහිනියේ ප්‍රධාන විධායක නිලධාරි චන්දන තිලකරත්න, යුද්ධ හමුදා නිලධාරින්, දෙමාපියන්, විදුහල්පතිතුමන් සහ සිසුන් රැසක් සහභාගි වූහ.

මීට අමතරව, 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය ගේ මූලිකත්වයෙන් එම සේනාංකය යටතේ ස්ථාපිත 561 වන බලසේනාවේ භට පිරිස් විසින් වන්නි ප්‍රදේශයේ පුස්තකාල සඳහා පොත් බෙදාදීමේ වැඩසටහන් දියත් කරනු ලැබීය. ඒ අනුව, ඔක්තෝම්බර් මස 09 වන දින ඕමන්ත විද්‍යාලයේ දී සහ බ්‍රහස්පතින්දා (25) දින වවුනියාව හින්දු මධ්‍ය මහා විද්‍යාලයේ දී ‌‌‌පොත් බෙදාදීමේ උත්සව දෙකක් පවත්වනු ලැබීය.

මෙම පොත් බෙදාදීමේ උත්සවයන්හි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය සහභාගි වූහ. bridgemedia | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals