Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th October 2018 19:21:12 Hours

අන්තර් ඒකක මුෂ්ටි ප්‍රහාර තරඟාවලියේ ශුරතාවය 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවට

විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් 8 වන වරටත් සංවිධානය කරනු ලැබු අන්තර් ඒකක මුෂ්ටි ප්‍රහාර තරඟාවලිය - 2018, බෝයඟනේ එම රෙජිමේන්තු මූලස්ථාන ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැත්වූ අතර තරඟාවලියේ සමස්ථ ශුරතාවය හිමිකරගැනීමට 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සමත්විය.

මෙම තරඟාවලියේ අවසන් තරඟ සහ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මෙන්ම විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහභාගි විය. තවද මෙම තරඟාවලිය නැරඹීම සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු තවත් නිලධාරින් රැසක් සහභාගි වූහ.

මෙම තරඟාවලිය සඳහා විජයබාහු පාබල රෙජිමේන්තුවේ සියලු ඒකකයන් නියෝජනය කරමින් තරඟකරුවන් 52 ක් සහභාගි වූ අතර තරඟාවලිය ඔක්තෝම්බර් මස 23 දින සිට 26 දින දක්වා පවත්වනු ලැබීය. එහිදි තරඟකරුවන් 51 ක් අභීබවා යමින් තරඟාවලියේ දී රන් පදක්කම් 6 ක, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් හිමිකරගනිමින් සමස්ථ ශුරතාවය දිනාගැනීමට 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ මූෂ්ටි ප්‍රහාර ක්‍රීඩකයින් සමත්විය. තවද රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 5 ක් හිමිකරගනිමින් තරඟාවලියේ අනුශුරතාවය හිමිකරගැනිමට 20 වන විජයබාහු පාබල රෙජිමේන්තු ක්‍රීඩකයින් සමත්විය.

මෙම තරඟාවලියේ දක්‍ෂතම මුෂ්ටි ප්‍රහාරක ක්‍රීඩකයා ලෙස 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබළ වයි.ජි.යු.සි. ජයතිස්ස තේරිපත් වූ අතර හොඳම පරාජිතයා ලෙස 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල ආර්.එම්.කේ.ඩී. රත්නායක තේරිපත් විය. jordan Sneakers | New Releases Nike