Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th October 2018 17:16:04 Hours

ස්වේච්ඡා බලසේනාවේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ නව සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් බ්‍රහස්පතින්දා (25) දින කොස්ගම පිහිටා ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ පැවැති උත්සවයකදි රාජකාරි අරඹනු ලැබීය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාවිධායකතුමන්ව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

නව සේනාවිධායකතුමන් සිය කාර්යාලයේ පැවැති පිරිත් සජ්ඣායනාවේ ආශිර්වාද මධ්‍යයේ නිළ ලේඛණයකට අත්සන් තබමින් රාජකාරි භාරගනු ලැබීය. ඉන් අනතුරුව, එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් අමතනු ලැබීය.

ඉන්අනතුරුව, මෙම අවස්ථාව සංකේතවත් කරමින් නව සේනාවිධායකතුමන් ස්වේච්ඡා බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරනු ලැබීය.

වසර 136 කට අධික යටත් විජිත යුගයට අයත් වූ කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 37 වන සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් රාජකාරි අරඹනු ලැබීය. best Running shoes brand | Nike Shoes, Clothing & Accessories