Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th October 2018 11:51:29 Hours

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති රාජකරි අරඹයි

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා බ්‍රහස්පතින්දා (25) දින දියතලාව යුද්ධ හමුදා ජනපදයේ ස්ථාපිත සිය කාර්යාලයේ පැවැති උත්සවයකදී රාජකාරි භාරගනු ලැබීය.

ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව ආඥාපතිතුමන්ට කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය. අනතුරුව, එතුමන් බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව නව ධුරයේ රාජකාරි අරඹනු ලැබීය. එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

අනතුරුව, මෙම අවස්ථාව සංකේතවත් කරමින් නව ආඥාපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ නා පැළයක් ද රෝපණය කරන ලදී.

මෙහිදි මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු නිලධාරින් ඇතුළු සියලු යුද්ධ හමුදා සාමාජිකයින් අමතමින් කණ්ඩායමක් ලෙස ආයතනික සුභසිද්ධිය සඳහා කැපවීමෙන් යුතුව කටයුතු කිරීමේ ඇති වැදගත්කම පෙන්වාදුන්හ. අනතුරුව, උත්සව කටයුතු අවසානයේ පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයක් සඳහා ද එතුමන් සහභාගි විය.

මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා නව ධූරයේ රාජකාරි භාරගැනීමට පෙර වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ අනුරාධපුර ප්‍රදේශයේ ස්ථානගත 21 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි කරනු ලැබීය.

තවද එතුමන්, 11 වන සහ 12 වන සේනාංකයන්හි සේනාංකාධිපති, 111 වන බලසේනාවේ බලසේනාධිපති, 112 වන බලසේනාවේ බලසේනාධිපති, 121 වන බලසේනාවේ බලසේනාධිපති මෙන්ම අණදෙන නිලධාරි තනතුරු රැසක් හොඹවා ඇත. jordan release date | UK Trainer News & Releases