Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd October 2018 15:14:29 Hours

බෞද්ධයින් අන් ආගමික බැතිමතුන් සමඟ එක්ව යුද්ධ හමුදාවට සෙත්පතා ආශීර්වාද උත්සවයක්

69 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සහය ඇතිව බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා හා ආගමික බැතිමතුන් සමඟ එක්ව යුද්ධ හමුදා ධජයන්ට සහ යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා ආශීර්වාද පතමින් පිරිත් සජ්ඣායනාවක්, ශ්‍රී බෝධිදක්‍ෂිනාරාම විහාරස්ථානයේදි සිකුරාදා (19) දින පවත්වනු ලැබීය.

ශ්‍රී බෝධිදක්‍ෂිනාරාම විහාරස්ථානයේ විහාරාධිපති සියඹලාගස්වැවේ ආනන්දාභිධාන ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වය ඇතිව, හින්දු, ඉස්ලාමීය සහ කතෝලික පූජකවරුන්ගේ සහ සියලුම ආගමික ප්‍රජාවගේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වාර්ෂික ධජ ආශීර්වාද පිංකමට සමගාමීව මෙම ආශීර්වාද පිංකම සංවිධානය කරනු ලැබූ අතර මෙවන් ආශිර්වාද පූජාවක් සිදුකරන ලද ප්‍රථම අවස්ථාව ද මෙය වේ. සිවිල් ප්‍රජාව හා යුද්ධ හමුදාව අතර සංහිඳියාව සහ සුහදත්වය වර්ධනයවීම කෙරෙහි මෙම වැඩසටහන ඉමහත් පිටුවහලක් වන බව නොවනුමානය.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ පැමිණිමෙන් අනතුරුව ආරම්භ වූ මෙම ආගමික උත්සවය සඳහා වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සියලුම සේනාංක, බලසේනා, ඒකක ආදියේ හි නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගි වූහ.

අනතුරුව වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් මෙම අවස්ථාවට සහභාගි වූ බෞද්ධ හා හින්දු දරුදැරියන් සඳහා පොත් පරිත්‍යාග කරන ලදී. මෙම පිංකම සඳහා වවුනියාව ප්‍රදේශයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ අනෙකුත් ආගමික පූජකවරුන් රැසක්ද, යුද්ධ හමුදාව නියෝජනය කරමින් බ්‍රිගේඩියර් පාලනය හා භඨකාර සම්පාදන බ්‍රිගේඩියර් රන්ජන් ප්‍රේමලාල්, 563 සහ 611 යන බලෙසේනාවන්හි බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් මෙන්ම විවිධ ආගමික බැතිමතුන් රැසක්ද එක්ව සිටියහ. buy shoes | New Releases Nike