Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd October 2018 16:01:22 Hours

යුද්ධ හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ ශ්‍රමදායකත්වයෙන් අඩු ආදායම්ලාභි පවුලකට නව නිවසක්

රාජාංගනය ප්‍රාදේශීය සභාවේ බලධාරීන් විසින් කලාඔය, යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වෙත කරන ලද ඉල්ලීමකට අනුව දරුවන් පස් දෙනෙකුගෙන් සමන්විත දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන අසරණ පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබාදුන්හ.

ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය සිමෙන්ති ඇතුලු සියලුම අමුද්‍රව්‍ය රාජාංගනය ප්‍රාදේශීය සභාවේ මූලිකත්වයෙන් සම්පාදනය කරනු ලැබු අතර, යුද්ධ හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පාඨමාලාවන් හදාරන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රායෝගික ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කෙරුනු මෙම ඉදිකිරීම් කටයුතු ඉතා කෙටි කාලයකින් සාර්ථකව නිම කිරීමට ඔවුන් සමත්විය.

තුලාන, අංගමුව ධීවර ගම්මානයේ පදිංචි නොයෙකුත් දුෂ්කරතාවයන්ගෙන් පෙලෙන ඩි.ජි. පුෂ්පකුමාර මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් වෙත අභිනවයෙන් ඉදිකරන ලද නව නිවසේ යතුර භාරදිම සිකුරාදා (19) දින සුභ මොහොතින් සිදු කල අතර, මෙම අවස්ථාව සඳහා රාජාංගනය ප්‍රාදේශීය සභාවේ සභාපති, යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ වැඩබලන සේනාවිධායක ලුතිනන් කර්නල් වි.ඩි.එස්. පෙරේරා (ශ්‍රි ලංකා පාබල හමුදාව), එම පුහුණු මධ්‍යස්ථානයේ විධායක අධිකාරි මේජර් යු.එල්.එන්.ඩි.කේ. ලියනගේ (ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය) සහ මාණ්ඩලික නිලධාරි මේජර් වී.ජේ.පී.ජේ. විකෙලියෙගෙදර (ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාව) ද එක්ව සිටියහ.Sportswear Design | Air Jordan 5 Raging Bull Toro Bravo 2021 DD0587-600 Release Date - SBD