Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th October 2018 17:09:26 Hours

යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයට නව තෙමහල් ගොඩනැගිල්ලක්

69 වන යුද්ධ හමුදා දිනය වෙනුවෙන් පනාගොඩ පැවති වර්ණවත් සම්මාන ආචාර පෙලපාලියෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් බ්‍රහස්පතින්දා (18) දින යුද්ධ හමුදා ජනපදයේ යහසාධක අරමුදල් අධ්‍යක්‍ෂ මණ්ඩලය පිහිටි භුමියේ නවතමයෙන් ඉදිකර ලද ‘යහසාධක පියස’ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කරනු ලැබීය.

මෙහි සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣයනා මධ්‍යයේ සුභමොහොතින් සමරුඵලකය නිරාවරණය කර සංකේතාත්මකව පීත්ත පටිය කපා නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කරනු ලැබීය. රුපියල් මිලියන 31.9 ක වියදමින් ඉදිකරන ලද මෙම ගොඩනැගිලි සංකීර්ණය තුල සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු පිරිස ගොඩනැගිලි සංකීර්ණය හා ඒ අවට නිරීක්‍ෂණය කරනු ලැබීය.

යහසාධක අරමුදල් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.පී.ජේ. ප්‍රනාන්දු ගේ උපදෙස් මත මෙම නව ගොඩනැගිල්ල ඉදිකිරීම මගින් යුද්ධ හමුදා සාමාජිකයින් හට අවශ්‍ය සේවාවන් කඩිනමින් ඉටු කරගැනීමට අවසථාව උදාවී ඇත. ඒ අනුව, පනාගොඩ පිහිටි යුද්ධ හමුදා යහසාධක අරමුදල වෙතින් යහසාධක අරමුදල පිළිබඳ විස්තර, 80% හා 85% ණය පහසුකම් සහ අනෙකුත් සියලුම සුභසාධන අවශ්‍යතාවයන් පිළිබඳ තොරතුරු කර්යක්‍ෂමව ලබාගත හැක. මෙහිදි පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයකින් අනතුරුව විවෘත කිරීමේ උත්සවය නිමාවට පත්විය.

මෙම අරමුදල 1981 වර්ෂයේ ‘යුධ හමුදා අර්ථසාධක අරමුදල’ නමින් එවකට බ්‍රිගේඩියර් සිරිල් රනතුංග ගේ සහ එවකට යුද්ධ හමුදාධිපති මේජර් ජෙනරාල් ජේ.ඊ.ඩි. පෙරේරා ගේ සංකල්පයකට අනුව පිහිටුවනු ලැබු අතර ආරම්භයේ දී පරිපාලන සහ මූල්‍ය පාලන කටයුතු සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් 6 දෙනෙකුගෙන් සමන්විත භාරකාර මණ්ඩලයක් පත්කර තිබුණි. වර්ෂ 1997 ජනවාරි මස 01 වන දින සිට මෙය ‘යුද්ධ හමුදා යහසාධක අරමුදල’ නමින් පිහිටුවනු ලැබීය. අනතුරුව, මෙම අරමුදල 2009 වර්ෂයේ දී ‘යුද්ධ හමුදා යහසාධක අරමුදල් අධ්‍යක්‍ෂ මණ්ඩලය’ ලෙස හඳුන්වනු ලැබීය. තවද නිත්‍ය බලසේනාවට පමණක් දායකත්වය ලබාදී තිබු මෙම අරමුදල, 1998 වර්ෂයේ අවසාන කාලයේ සිට ස්වේච්ඡා බලසේනාවට ද දායකවීමේ අවස්ථාව උදාකරදී ඇත. spy offers | Nike Air Max 97 GS Easter Egg 921826-016 , Fitforhealth