Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th October 2018 14:46:15 Hours

යුද්ධ හමුදා දිනයේ මඩකලපුව රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා සංවිධානය කල රුධිර පරිත්‍යාග වැඩසටහනට දමිල පරිත්‍යගශීලින් ද එක්වේ

69 වන යුද්ධ හමුදා සංවත්සරයට සහ ඔක්තෝම්බර් මස 10 වන දිනට යෙදුණ යුද්ධ හමුදා දිනට සමගාමීව මඩකලපුව, කල්ලඩි ප්‍රදේශයේ දී 231 වන බලසේනා මූලස්ථානයේ ප්‍රධානත්වයෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කළහ. යුද්ධය අවසන්වීමෙන් පසු උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සංහිඳියාව සහ සහජිවනය ප්‍රවර්ධනය කිරීම සඳහා යුද්ධ හමුදාව නොසැලෙන උත්සයක් දරමින් සිටින අතර එහි ප්‍රතිඵලයක් ලෙස යුද්ධ හමුදාව විසින් සංවිධානය කල මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන සඳහා මඩකලපුව ප්‍රදේශයේ දමිළ තරුණයින් 26 දෙනෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව රුධිරය පරිත්‍යාග කරනු ලැබීය.

231 වන බලසේනා මූලස්ථානය වෙත සපැමිණි දමිළ තරුණයින් 26 දෙනා යුද්ධ හමුදා සාමාජිකයින සමඟ එක්ව උද්යෝගිමත් ලෙස රුධිර පරිත්‍යාග වැඩසටහන සඳහා එක්විය. මඩකලපුව රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය මඩකලපුව සිංහ සමාජයේ සහයෝගය ඇතිව මඩකලපුව ශීක්‍ෂණ රෝහලේ ලේ බැංකුව සංවිධානය කල ජංගම රුධිර පරිත්‍යාග වැඩසටහනේ දී 231 වන බලසේනාව, 4 වන ගැමුණු හේවා බළඇණිය, 10 වන ගජබා රෙජිමේන්තුව සහ 11 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවයේ නියුතු නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 122 ක් රුධිරය පරිත්‍යාග කළහ.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති තුමන්ගේ සහ 23 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ ආශීර්වාදය ඇතිව 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සෙනරත් නිවුන්හැල්ල ගේ උපදෙස් මත මඩකලපුව රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා සංවිධානය කරනු ලැබු මෙම රුධිර පරිත්‍යාග වැඩසටහනේ දී වර්ථාගත ලෙස විශාල රුධිර ප්‍රමාණයක් එක් කිරීමට සමත් විය.

රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා රුධිර පරිත්‍යාග කල සියළුම පරිත්‍යාගශීන්ට ආහාරපාන වලින් සංග්‍රහ කරනු ලැබු අතර 231 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් දමිළ ජාතික රුධිර පරිත්‍යාගශීන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් අතර ඔවුන් දැක්වූ දායකත්වයට සිය කෘතඥතාවය ද පුද කළහ.

මෙම වැඩසටහන සඳහා මඩකලපුව සිංහ සමාජයේ සාමාජිකයින්, වෛද්‍ය කාර්යමණ්ඩලයේ සාමාජිකයින්, යුද්ධ හමුදා සාමාජිකයි සහ සිවිල් කාර්යමණ්ඩලයේ සාමාජිකයින් එක්ව සිටියහ. Mysneakers | Air Jordan 1 Mid "Bling" Releasing for Women - Pochta