Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th September 2018 07:05:25 Hours

“රටේ ආරක්‍ෂාව සඳහා ඉතා ඉහළ සුදානමකින් යුතුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිටින බව” දියකාවා යුද්ධ අභ්‍යාසයේ දී යුද්ධ හමුදාධිපතිතුමන් පවසයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් නවවන වරටත් සංවිධානය කරනු ලැබු ‘දියකාවා යුද අභ්‍යාසය අදියර IX – 2018’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) අවසන් ප්‍රහාරය බදාදා (26) දින කුච්චවේලි හිදී පැවැති අතර එහිදි පැමිණ සිටි සම්භාවනීය අමුත්තන් සහ සියලුදෙනා අමතමින් “ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සෑමවිටම රටේ ආරක්‍ෂාව සඳහා ඉතා ඉහළ සුදානමකින් යුතුව සිටින අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඒකාබද්ධව සෑදුම්ලත් විශේෂ මෙහෙයුම් බලකායේ කුසලාතා සහ අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා ‘දියකාවා ක්ෂේත්‍ර යුද අභාසය’ සැලසුම් කර ඇති බවත් ඒ තුළින් රටේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීභාවය සුරක්ෂිත කිරීම සඳහා කැප වී සිටින බවත් අනාගතයේ ඇතිවිය හැකි ඕනෑම ආරක්‍ෂක අභියෝගයකට මූහුණදීම සඳහා ඉතා ඉහළ සුදානමකින් යුතුව ක්‍රියාත්මකවන බවත් ‘සටන් කරන අයුරින්ම පුහුණු විය යුතු අතර පුහුණු වූ අයුරින්ම සටන් කල යුතු’ බවත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක තවදුරටත් ප්‍රකාශ කළහ. (මෙහි සම්පූර්ණ කතාව උණුසුම් පුවත් තුළින්)

මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් යුද්ධ හමුදාධිපතිතුමන්, “සතුරාගේ පැමිණිම නිරන්තරයෙන්ම අපේක්‍ෂා කලයුතු අතර ඒ සඳහා අපගේ සුදානම ඉතා වැදගත්වන බවත්” ප්‍රකාශ කරමින් දියකාව යුද අභ්‍යාසයේ සාර්ථක නිමාවකට පැමිණ ඇති අවස්ථාවේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් වශයෙන් සිය දේශනය සිදුකරනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සිදුකරනු ලැබු සම්පුර්ණ කථාව පහතින් දැක්වේ:

2018 දියකාවා යුද අභ්‍යාසයේ අවසාන අදියර සම්පුර්ණ කිරීමෙන් පසු, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති වශයෙන් මෙම යුද අභ්‍යාසයට ඉතාමත් කැපවීමෙන් සහභාගි වූ, යුද අභ්‍යාස භාර අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ මාගේ වීරෝධාර සෙබළුන්, නැවියන් හා ගුවන් භටයන් හට වචන කිහිපයක් කතා කිරීමට මෙම අවස්ථාව යොදාගන්නවා.

ත්‍රිවිධ හමුදාව යනු අප මාතෘ භූමියේ ශක්තිය හා අභිමානයයි.

අප සෑම විටම නැවත යුද්ධයක් ඇති නොවේ යැයි සිතා කටයුතු කරනවට වඩා අප ඕනම අවස්ථාවකට මුහුණදීම සඳහා සුදානම්ව සිටිම අපගේ පරම කාර්යයයි.

අප මාතෘ භූමියට ඇතිවන සියලුම ආකරයේ තර්ජන වලින් අපේ මාතෘ භූමිය ආරක්‍ෂා කිරීමට අප සියළුදෙනා දිවිහිමියෙන් කැපවී සිටිමු.

ඔබගේ ඒ අභිප්‍රාය හා අධිෂ්ඨානය මෙම යුද අභ්‍යාසය පුරාවටම මා හට හොදින් දැකගැනීමට හැකියාව ලැබුණි.

මා එය බෙහෙවින්ම අගය කරන අතර, ඔබගේ ඒ කැපවීම, අධීෂ්ඨානය හා පෙර සුදානම්වීම ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනු ඇතැයි හුදෙක්ම බලාපොරොත්තුවෙමි. මෙම අභ්‍යාසයේ ඇති වැදගත්කම වසරින් වසර සහභාගිවන විදේශීය නිරීක්‍ෂකයින්ගේ සහ අභ්‍යාසයට සහභාගිවන විදේශීය සාමාජිකයන්ගෙත් ප්‍රමාණය අනුව වසර 9 ක් පුරා ලබා ඇති ප්‍රගතිය අපහට මැනවින් පිළිඹිබු වෙනවා.

ඔවුන් සමඟ අත්දැකීම් හුවමාරුව මගින් අපගේ වෘත්තීමය නිපුණත්වය තවදුරටත් ප්‍රගුණ වන බව මාගේ විශ්වාසයි.

දියකාවා 2018 අභ්‍යාසය සාර්ථකව පවත්වා නිම කිරීමට දායක වූ අධ්‍යක්‍ෂ ඇතුළු සියළුදෙනා අගය කිරීමට මෙය අවස්ථාවක් කරගනීමී.

මේ මෙහොතේ දී අපගේ මාධ්‍ය සඟයන් වෙත වචන කිහිපයක් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

මෙම අභ්‍යාසයේ අපගේ එක් අරමුණක් වුයේ Jointness හෙවත් ඒකාබද්ධ විමයි.

එසේ ඒකාබද්ධවිම යනුවෙන් අදහස් කරන්නේ අප මාතෘ භූමියේ සම්පත් සහ අවකාශයන් සියල්ලම මාතෘ භූමියේ ස්වාධීනත්වය හා භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කිරීම සඳහා පෙළගැස්වීමයි.

ජාතික ආරක්‍ෂාව යනු මේ රටේ සියළු පුරවැසියන්ගේ වගකීමක් යන සංකල්පය මානව වටහා ගෙන දියකාවා 2018 අභ්‍යාසය අප රටේ ජනතාව අතරට ගෙන යාමට ඔබ දැක්වූ විශීෂ්ඨ සහයෝගය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති වශයෙන් මා ඉමහත් අගය කරන අතර, අපගේ ඉදිරි කටයුතු සඳහා ද ඔබගේ සහයෝගය බලාපොරොත්තු වෙමි.Sport media | 『アディダス』に分類された記事一覧