Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th September 2018 19:55:28 Hours

11 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් ජයපුරම් සිවිල් වැසියන් සමඟ එක්ව ශ්‍රමදාන වැඩසටහනක

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 11 වන ගජබා රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් 101 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ජයපුරම් ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ එක්ව සිකුරාදා (14) දින ජයපුරම් ප්‍රාථමික වෛද්‍ය ඒකකය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වනු ලැබීය.

65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුම ගේ සහ 651 වන බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය දියත් කරන ලදී.

යුද්ධ හමුදා සාමාජිකයින් සිවිල් වැසියන් සමඟ එක්ව පැය කිහිපයක් තුල මෙම ශ්‍රමදාන වැඩසටහන සාර්ථකව අවසන් කල අතර වැඩසටහන සඳහා සහභාගි වූ සිවිල් වැසියන්ට කෙටි ආහාර වේලක් ද ලබාදෙනු ලැබීය. url clone | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals