Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd September 2018 16:37:56 Hours

මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සාමාජිකයින් වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක

මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් රාජ්‍ය නිලධාරින්ගේ ද සහයෝගය ඇතිව ජාතික සමුද්‍ර සම්පත් සුරකීමේ සතියට සමගාමීව වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය.

ඒ අනුව, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලිස් නිලධාරින්, පාසල් සිසුන්, රාජ්‍ය නිලධාරින් සහ ස්වේච්ඡා සිවිල් සංවිධාන සාමාජිකයින් එක්ව මුලතිව්, පුදුමාතලන් සහ වඩ්ඩුවාකල් ප්‍රදේශයන්හි වෙරළ තීරයන් කැලි කසල ඉවත් කරමින් පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරනු ලැබීය.

59 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ උපදෙස් සහ 681 වන බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ පූර්ණ මඟපෙන්වීම මත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් අලම්පිල් ප්‍රදේශයේ කිලෝමීටර 3 ක වෙරළ තීරය සහ වඩ්ඩුවාකල් ප්‍රදේශයේ කිලෝමීටර් 2 ක වෙරළ තීරය පිරිසිදු කරනු ලැබීය. එසේම, පුදුමාතලන් ප්‍රදේශයේ කිලෝමීටර් 3 ක වෙරළ තීරය ද පිරිසිදු කරන ලදී.

මෙම වැඩසටහන සඳහා මූලතිව් දිස්ත්‍රික් ලේකම් ආර්. කේතිෂ්වරන් මහත්මිය, මූලතිව් අතිරේක දිස්ත්‍රික් ලේකම් ධනපාල සුන්දරන් මහතා, පුදුකුඩිරිප්පු ප්‍රාදේශීය ලේකම් ප්‍රදීයන් මහතා, මාරිතිමේපට්ටු ප්‍රාදේශීය ලේකම් අයි. ප්‍රතිපන් මහතා සහ රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වූහ. Running Sneakers | Nike Off-White