Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th September 2018 13:30:46 Hours

ක්‍ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසයේ ආදර්ශ පුහුණු මෙහෙයුමක් මගින් සතුරන් අල්ලයි

‘දියකාවා’ ක්‍ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසයේ දී තොප්පිගල සහ මින්නේරිය - ගල්ඔය ප්‍රදේශයන් කේන්ද්‍ර කරගනිමින් සැප්තැම්බර් මස 14 සහ 15 දිනයන්හිදී ආදර්ශ පුහුණු මෙහෙයුමක් ක්‍රියාත්මක කල අතර එහිදී තවත් සතුරු ප්‍රහාර කිහිපයක් දියත් කිරීම සඳහා සැඟවී සිටි සතුරන් කිහිපදෙනෙකු අල්ලා ගැනීම සඳහා භට පිරිස් ක්‍රියාත්මක වන අන්දම පිළිබඳව ආදර්ශ පෙරහුරුවක් පවත්වන ලදී.

ඒ අනුව, ආත්ම විශ්වාසය වැඩිදියුණු කරමින් නම්‍යශීලිව සහ ක්‍ෂණික ප්‍රතිචාර දක්වමින් සුඩාන් හමුදාවේ සහ 4 වන ශ්‍රී ලංකා විශේෂ බලකායේ භට පිරිස් එක්ව ක්‍ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසයේ තොප්පිගල මෙහෙයුම දියත් කලහ.

මීට අමතරව, මින්නේරිය - ගල්ඔය රක්‍ෂිත ප්‍රදේශයේ දී සෙනසුරාදා (15) දින උදෑසන ක්‍ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසයේ එක් අදියරක් ක්‍රියාත්මක කරමින් සැඟවී සිටි සතුරෙකු ලුහුබැඳ අල්ලා ගැනීමට සමත්විය.

ඒ අනුව, ක්‍ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසයේ මෙම ආදර්ශ පුහුණු මෙහෙයුම 2 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ කණ්ඩායම් 2 ක් ඉන්දුනිසියානු හමුදා සෙබළුන් 3 දෙනෙකු සමඟ එක්ව ක්‍රියාත්මක කල අතර ඒ සඳහා ඩොබර්මන් (Doberman) සහ ලයන් ෂෙපර්ඩ් (Lion Shepherd dogs) වර්ගයේ සුනඛයන් සුක්‍ෂම ක්‍රමවේදයන් යොදාගනිමින් රක්‍ෂිතයේ සැඟව සිටි සතුරන් අල්ලා ගැනීමට සමත්විය. මෙම මෙහෙයුමේ අරමුණ වූයේ සතුරන් ජිවග්‍රාහනයෙන් අල්ලා ගන්නා ආකාරය පිළිබඳ නිදර්ශනයක් මගින් අවබෝධ කරගැනීමයි. Adidas shoes | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ