Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th August 2018 17:02:25 Hours

ලෙබනන් ශ්‍රී ලංකා සාමසාධක බලඇණියට එක්සත් ජාතින්ගේ පදක්කම් හිමිගැන්වේ

ලෙබනන් රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ අන්තර්වාර හමුදා මූලස්ථානයේ සාමසාධක රාජකාරි සිදුකරනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින් හට ඔවුන්ගේ සේවය අගයමින් එක්සත් ජාතින්ගේ පදක්කම් පිරිනැමීමේ උත්සවයක් බදාදා (22) දින නකුරාහී පිහිටි එම මූලස්ථානයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා සාමසාධක බලඇණියේ ප්‍රධානී ලුතිතන් කර්නල් චින්තක රාජපක්‍ෂ ගේ ආරාධනයකට අනුව මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ලෙබනන් එක්සත් ජාතින්ගේ අන්තර්වාර හමුදා නියෝජ්‍ය ප්‍රධානි මේජර් ජෙනරාල් ශවරාම් කරෙල් (Major General Shivaram Kharel) සහභාගි වු අතර, ලෙබනන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිණි එච්.එම්.ජි.ආර්.ආර්.කේ. විජේරත්න මෙන්ඩිස් මැතිණිය, නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානී ඉම්රන් රිෂා මහතා (Mr Imran Riza), ලෙබනන් සන්නද්ධ හමුදාවේ ප්‍රධානීන් සහ ලෙබනන් රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ අන්තර්වාර හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති නියෝජනය කරමින් මෙම පදක්කම් ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න සහභාගි වූ අතර එතුමන්ව එක්සත් ජාතින්ගේ ශ්‍රී ලංකා සාමසාධක බලඇණියේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් චින්තක රාජපක්ෂ විසින් හමුදා සම්ප්‍රදායානුකූලව උණුසුම් අයුරින් පිලිගනු ලැබීය.

ලෙබනන් එක්සත් ජාතීන්ගේ පදක්කම් පිරිනැමීමේ උත්සවය සඳහා සහභාගී වූවන් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකුල පදක්කම් පිරිනැමිමෙන් පෙළපාලියෙන් අනතුරුව සියලුදෙනාගේ විනෝදාස්වාය සඳහා ශ්‍රී ලංකා සම්ප්‍රදායානුකුල නර්තනයක් සහ විශේෂ සුනඛ ප්‍රදර්ශනයක් පැවැත්විණි.

ගෞරවාන්විතව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් එක්සත් ජාතින්ගේ සාමසාධක හමුදා ධජය, ලෙබනන් ධජයන් සහ ශ්‍රී ලංකා ජාතික ධජයන් එසවීමෙන් අනතුරුව උත්සව කටයුතු ආරම්භ විය.

මෙම අවස්ථාවට සපැමිණි මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න, ලෙබනන් එක්සත් ජාතින්ගේ අන්තර්වාර හමුදා නියෝජ්‍ය ප්‍රධානි විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම සංචාරය ආරම්භයේ ලෙබනන් හී ශ්‍රී ලංකා තානාපති විජේරත්න මෙන්ඩිස් මහත්මිය සිය කාර්යාලයේ දී හමුවී විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් පදක්කම් ප්‍රදානෝත්සවය පැවැති අතර එහිදි හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් ද ශ්‍රී ලංකා සාමසාධක බළඇණියේ භට පිරිස් විසින් පිරිනමනු ලැබීය. අනතුරුව, සියලුම ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් ඇමතු අතර මෙම සංචාරය සංකේතවත් කරමින් ලෙබනන් රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ අන්තර්වාර හමුදා මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරන ලදී. ඉන්පසුව SRI BASE හී පිහිටි ශ්‍රී ලංකා සාමසධක හමුදා මූලස්ථානයේ දී පැවති තේපැන් සංග්‍රාහයක් සඳහා සියලුදෙනා එක්විය.

එතුමන්, ඊශ්‍රාලයේ සහ ලෙබනන් දේශ සීමාවේ පිහිටා ඇති BLUE LINE නිරික්‍ෂණය කල අතර, අනෙකුත් රටවල සාමසාධක බළඇණිවල අණදෙන නිළධාරීන් සහ නේපාලයේ හමුදා සාමාජිකයින් හමුවිය. latest jordan Sneakers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp